සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, November 1, 2012

උගේ මනාපය


මචං
ජීවිතේ බරයි
වියදම සැරයි
බැංකු ණය ගෙවනවා
ගේ බාගෙට හදලා
දෙන්නාගේ පඩිය මදි
දැන් ජීවත් වෙන්න
හැමදේම ගනන්
කියපං මට
මේකෙන් ගොඩ යන්න මගක්
හරි කියපං උඹ
කාටද? චන්දය දුන්නේ
සුබ අනාගතයක් බං
"කෙලිය"

නංගී

පුංචිම පුංචි කාලේ

අම්මා බිම තියන විට

මහ හඩින් හැඩු

වෙල් ඉපනැල්ලේ දුවමින්

මාව පැරැද්දු

පොත් රාක්කයේ පොත් හොරෙන් ඇද

අසු වු විට රංඩු කල

චිත්‍ර සිතුවම් ඇද ගෙදර ලස්සන කල

රස්සාවක් නැති මට

ගාමන්ට් ගොස් මුදල් දුන්

අම්මාට තාත්තාට මල්ලීට මට

ගොඩක් ආදරය කල....

කොහේදො දුර ඈත රටක

ගෙදර ගැන හිතමින්

දුක් විදින

එක බඩ වැල කඩාගෙන ආ

මගේ ආදරනීය නංගී


නන්නාදුනන ලොවක තනිවී

නන්නාදුනන ලොවක තනිවී
සිටින විට...
සිහිවෙ නුඹ සමග දරුවන්
නිබද මට....
කරනෙමි මෙහෙවරක් නොරටුන් සමග හිද
මගේ පැල්පතේ ලුනු බත් රස දැනෙයි අද
අසනාවිට පුවත් මගේ රට ගිනි දැවෙන
සිහිවේ ලොකු දුවගෙ රුව මා නෙත නිබද

ඉපදුන රටෙ දෙපයින් සිට ගත නුහුන
එන්නට සිදු වුනා කහවනු පිනිස මට
නෙත් දෙක වැනි මගේ දරුවන් සමග හිද
රැක ගනු ගිමියනේ මායිම අසල සිට..

මගේ ළමා වසන්තය

මල් මල් වාරම්

තුරුනු සර

ලහිරු මඩල

නිමා විය………….

මගේ ළමා වසන්තය

නුබ කොහි ගියේද?

උදාකර