සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Thursday, November 1, 2012

නන්නාදුනන ලොවක තනිවී

නන්නාදුනන ලොවක තනිවී
සිටින විට...
සිහිවෙ නුඹ සමග දරුවන්
නිබද මට....
කරනෙමි මෙහෙවරක් නොරටුන් සමග හිද
මගේ පැල්පතේ ලුනු බත් රස දැනෙයි අද
අසනාවිට පුවත් මගේ රට ගිනි දැවෙන
සිහිවේ ලොකු දුවගෙ රුව මා නෙත නිබද

ඉපදුන රටෙ දෙපයින් සිට ගත නුහුන
එන්නට සිදු වුනා කහවනු පිනිස මට
නෙත් දෙක වැනි මගේ දරුවන් සමග හිද
රැක ගනු ගිමියනේ මායිම අසල සිට..

No comments:

Post a Comment