සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, January 30, 2019

පාලු මහ ගෙදර



පුංචි කාලේ දුවපැන  ගිය
හැංගි හොරා සෙල්ලම් කල 
වෙලේ මාමා අද එන් නැති 
ගෙදර අයිනේ නිල් කුබුරේ ......
ලොකු අම්මා නැති  මහගේ 
පාලු වෙලා වල්  වැදිලා 
ආච්චිගේ ,සීයාගේ සොහාන වහන් 
ගස් හැදිලා .........
ඇබුල් පෙර ගස මැරිලා 
වල් ගස් එහි රජ කරලා 
නමිනම් ගහ නෑ දුටුවේ 
මැන්ගුස් ගෙඩි කොහේ ගියේ 
ලොකු තාත්තා කියා දුන්න 
පාඩම් නම් මතක තියේ ....
වෙසක් කාඩ් තෝරන් හදලා 
වෙසක් සදේ පෑ විකුමන් 
සිහි කරලා 
පොටෝ අරන් මම ආවා 
හිතේ දුකින් 
අය්යේ අපි ගැන හිතලා ......