සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, April 12, 2016

දියවන්නා අවුරුදු උලලේ

පත්තරවල අන්තර්ජාලයේ තිබුන
දියවන්නා අවුරුදු උලලේ ........දැක්කාම
ලියන්න හිතට ආපූ දේවල් ලිව්වනම්
බලන අය කියාවි
අසැබි කවි කියවලා
පොඩිළමයි නරක් වෙනවා  කියලා 
එතකොට මමත් හන්දියේ 
කසිප්පු බීලා කෑ ගහන
කරුනෙ අයියා වගේ වෙනවා
ඒ නිසා මම කවිය 
මෙතනින් නවත්තන්නම්
......................................
....................................
.....................................
.........................................
............................................
මේ හිස්තැන් පුරව ගන්න 

Saturday, April 9, 2016

අවුරුදු උදා වුනා....................

ජවාරම් කරුවන් මාධ්‍ය සමග
කොහා බදු ගන්නා
බෝනස්,පඩි ලැබෙනා
එවා උදුරා ගන්නට සේල් කරුවන් බලා ඉන්නා
ගැමි හුරුව,අපේකම
ළිද චාරිත්‍ර  වාරිත්‍ර
ජන ක්‍රිඩා අදී නේක කතා
බතික් සරම් ඇදි
හොරෙන් පන්සිල් කඩන
ආචාර්ය වරු මහාචාර්ය වරු
විද්වතුන් යැයි කියා ගන්නා
නිවෙදකයා මගින් මුරුංගා ගහට නගින
කැමරාව ඉදිරියේ පොර ටොක් දෙන
පච කියන අප අහනා
චැනල් වලට ගම මතක් වෙන
එහෙම ගමක් ලංකාවෙත් නැති
අවුරුදු උදා වුනා....................