සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, September 30, 2020

රතු මලක් පුදනවා

වප් ගෙවී ඉල් මසට 

දින ගණන් කරනවා 

ඉල් මහේ මටම වූ  

සැමරුමක් තියෙනවා ....

හඩ නගා කෑ ගසා 

කියූ හඩ ඇසෙනවා ...

මහ පොලව පාලගෙන 

අංකුරය නැගෙනවා ....

නොමැකෙනා අතීතය 

මතකයට නැගෙනවා ...

සැමරුමක් ඇති තැනෙක 

රතු මලක් පුදනවා ............


Monday, September 28, 2020

මමත් අග මුල සොයනවා .....

කතා නොකරම හිදින විට සිත       
තවම කදුලින් තෙමෙනවා..... 
ජිවිතේ මුල මැද අගත් මගේ 
සෑම තැන නුබ ඉන්නවා ......
කෙලෙස පහදා දෙන්නේදෝ ඉම 
මමත් අග මුල සොයනවා .....
මොනවා කිව්වත් මගේ සිත තුල 
ආදරය තව තිබෙනවා....
කිලෝ මීටර් ගව් ගණන් දුර 
ගියපු මාවත් දෙස බලා .....
හිතේ තනිකම මකා ගන්නට 
නුබට කවියක් ලියවුනා  ......
මටත් නොදැනීම ලියු කවි පෙළ 
බොද වෙලා මැකිලා ගියා ......
ලග  නැතත් ආදරයේ පැතුමන් 
සිතේ  වෙන් වී පැවතුනා ....

Saturday, September 26, 2020

අම්මාගේ ආදරය වගේ


සැමරුම් කුළුණු බැද 
පරපුරකින් ඉදිරි 
ගැරහුම්  ලබා දෙන්නේ කිම 
අම්මේ,
අළු වැලලු තැන ගහක් සිටෙව්වා 
මිනිසුන්ට දෙන්නට සෙවන 
පිං සිදු වේවි අම්මාට ... ..
ඒ ගහ ඔක්සිජන්දේවි 
සියලු සත්වයින්ට 
අම්මාගේ ආදරය වගේ 
ලෝකයටම ............