සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, June 29, 2021

අම්මා කොහිදැයි හොයනවා

 Karpuramanjari: Amma (Mother)

සේපාලිකා මල් පිපි සුවදින්
හැමදාම මල් පිපෙනවා
ඇහිදලා මල් බුදුන් පිදුමට
අම්මා එයි යැයි සිතෙනවා .....
කුස්සියේ සිට හඩන පුසා
අම්මා කොහිදැයි  හොයනවා
වලිගෙ වනලා හිස පාත් කර
ටොමියා විමසා සිටිනවා ...
ලෙන් පැටවුන් ඇගෙන් බත් කෑ
පොල්කිච්චෝ තව අසනවා
කාටවත් නොකියාම අම්මා
නිවනේ සැනසී ඉන්නවා ......

Saturday, June 19, 2021

කොදු ඇටය .

 

 

 
මම ඊයේ සවස් වරුවේ අපේ පන්සල වෙතට ගියෙමි .කිසිවෙක් පන්සලේ නොසිටියේය .මා බුදු ගෙට ගියේ එහි පර වූ මල් ඉවත් කර අලුතෙන් මල් පුජා කරන්න .එත් මල් ආසනය උඩ පොතක් තිබුනා .එකේ කතු තුමා දෙනගම සිරිවර්ධන මහත්මයා .මා පාසල් වියේ සිට ඔහු දනිමි .ඒ විදුසර විද්‍යා සගරාවේ ඔහුගේ ලිපි මා කියවූ නිසා ,අහිංසාවේ උල්පත අධිකාරම් මහතාගේ ජිවිත කතාව මට මතකයි .කොහෙම නමුත් මට ඒ පුංචි පොතේ එක කතාවක් මට ලියන්න හිතුනා ,එක අදට ගැලපෙන කතාවක්
        මා මියගොස් ටික කලෙකට පසුව එක් සැන්දෑවක උදල්ලකුත් රැගෙන මගේ සුසානයට කිසිවෙක් ආහ. මම පෙට්ටියෙන් හිස මෑත්කොට බැලීමි.
        ඒ දරුවෙකි. ඔහු එන්නේ ඔහුගේ අසරණකම වළ දමන්නට ද? නැත. හේ මගේ සොහොන වෙතට ම ආවේ ය. අසරණකමට උඩින් ඔහුගේ සිතේ දිලිහෙන කෝපය මතු වී පෙනෙයි. මගේ සොහොන ළඟ නැවතුණු හේ මා ඇමතීය.
මුත්තණුවනි, ඔබ අපට දුන් දේ කුමක්ද? අසරණ කම හා නිවට නියාළුකම පමණි. ඔබ සිටි කල ලොව සූරා කෑවෝ අද වඩාත් විසිතුරුව ඒ දෙය කරති.
    මුත්තණුවනි, අපට යන්නට මගක් නැත. උත්ස මගක්ම අවුරාගෙනය. ඔබ ඒ මගෙහි යා යුතුව තිබිණ .
එහෙත් ඔබ රැවටුණෙහි ය. දෑත පොරවාගෙවන නැමු හිසින් ජීවත් වුයෙහි ය. ධනපතියන් හමුයෙහි ඔබ බැගෑපත්  නොවූ නම් අප ජීවත් වන ලෝකය ඔවුන්ට මෙතරම් නිදහස්  නොවනු ඇත. නිදහස නම් සුරාකෑමට ඇති නිදහසයි .

මුත්තණුවනි, ඔබ වළෙන් ගොඩ ගනිමි. ගොඩගෙන  එය සොයමි. ඔබට කොඳු ඇටයක් තිබුණේදැයි සොයා
    මෙසේ කියමින් උදලු පහරින් වළ කැණගෙන  කැණගෙන යද්දි දඩාස් ගා එක් උදලු පහරක් ම පෙට්ටියේ වැදිණි.
    මම නින්දෙන් පිබිදියෙමි.
සැබවින්ම සිහින දකිනවාට වඩා නින්දෙන් පිබි යුතු මොහොත මේ යැයි මට සිතිණ. 
 
දෙනගම සිරිවර්ධන මහතාණෙනි ගොඩක් ස්තුතියි මෙහෙම ලිව්වාට