සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 3, 2014


සොදුරු වෙබ් අඩවියක.......
සිතක සිතුවිලි ලියන
මතක අමතක නොවන
මගෙ කවි ලියන්නෙමි........
.

.......මග බැලීම......


බස් එකෙන් ඇවිත්
පන්සල් වේල්ල පහු කරන්
පොල් මන්ඩිය මැදින් මතුව එන
ඒ රූපය දකිනකන්
ඇගිලි ගැන්නා පහමාර පහු වෙලා
මං අම්මා ගෙදර එනකන්..................
බාගේට හදාපු අපේ ගෙදර පුංචි කාමරේ
මේසය වටේ ලොකු අයියයි,නංගියි,මමයි
චිමිනි ලාම්පුවෙන් පාඩම් කලා
නවයට ඇහෙන කිටියාගේ සද්දෙත් එක්ක
ගෙදරට ගොඩ වෙනකන්
තාත්තා....
ගෙදර එනවයි කිව්වම
රසකෑම හදාගෙන
විනාඩි පහෙන් පහට
ඉන්න තැන් අහ අහ
ඉස්සරහ දොරෙන්
මතු වෙන්නකන් මං
බලාගෙන ඉන්නව
අම්මයි තත්තයි........