සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, October 23, 2024

ඒ ආදරේ සුන්දරත්වය

 


මම දැක්කා ඒ දෙන්නගේ ආදරය 7 වසරේදී ඒ දෙන්නා උසස්පෙළ ගණිතය කලේ ,ඒ ආදරේ සුන්දරත්වයට 7 වසරේ පුංචි මම ආශිර්වාද කළා ඉත සිතින් මගේ යටි සිතින් .11 වසරේදී ඔයාලා දෙන්නගේ කතාව මම ඇහුව්වා , රුපවාහියෙන් දුටුවා ,කරුණාසේන ජයලත් ඔය දෙන්නා එකතු කරලා වෙන් කරලා ලොකු ආන්දෝලනයක් ඇති කළා ,එක සුන්දර විරහවක් වුනා .මට සුගත් වෙන්න වත් ,දම්මි කෙනෙක් වත් හමුවුනේ නැහැ ,ඉස්කෝලෙදි ,මොකක්දෝ පුංචි බයක් තිබුනා මටත් එක තෙරුන් ගන්න බැරි වුනා එදා ,උසස්පෙළ පන්තියේදී අර 7 වසරේදී දැකපු දෙන්නා වෙන් වෙලා ගියාලු ,ඒ එක්කෙනෙක් අනිත් කෙනාගේ නම කව්කට්ටෙන්  කොටලා තිබුන පොතක් මට යාලුවෙක් පෙන්නුවා .එක මට ලොකු කම්පනයක් ඇති කළා .මට වුනේ නැති වුනත් වුනා වගේ ,ඉස්කෝලේ දෙන්නයි ගොළු හදවතේ ඔය දෙන්නයි මම සමානකම්  හෙව්වා සුගත් හා ඉස්කෝලේ අය්යයි  දෙන්නම එකම ලක්ෂණ තිබුනා .පෙනුම් පොඩ්ඩක් වෙනස් හැසිරීම එක වගෙයි ,දම්මි නම් ඉස්කෝලේ එක්කෙනා කොන්ඩේ කොට්ට කපලා හිටියා මුහුණේ පිම්පල් නිසා රතු වෙලා දෙන්නම සුදුයි ලස්සනයි .ඔහොම කාලයා ගෙවිලා ගියා ,

කොහොම හරි දම්මි හමු වුනා ,ඒ කැම්පස් එකේදී 

එක සුන්දරයි . එක කියන්නම් පද කීපයකින් 


දයාබර දම්මි,

ඉස්කෝලේ ගිය දහතුන් අවුරුද්දට

හමුවුනේ නැහැ......

කැම්පස් එකේ හතර අවුරුද්දේ

අහලකටවත් ආවේ නැති ඔයා

ෆයිනල් එග්සෑම් එකෙන්පස්සේ

මම දැක්කා

බිව්වේ නැතුවම් මම

හිත හදාගෙන දැන් ගොඩක් කල් ගිහින්

මං තරහ නැහැ

මිට......

සුගත්