කිංසි පාරේ හොස්ටල් එක
දකින කොට.......
පුංචි බොරැල්ලේ පටු මාවත් දිගේ
පරන ගොඩනැගිලි අතරින්
උදේ හවස යනකොට
සිහිවෙනවා ඒ ප්රානවත් නුබ රුව
දුක හිතෙන්වා ජීවත් වීම ගැන
මෙවා දකින්නට
ඇල් මැරුනු පී.එම්.සී විරෝධී පොස්ටර් මැද
ලැප්ටොප් වල ෆේස් බුක් යන
සෙල් පොන් වල තනිවුන
ආශ්චර්යයේ නංගිලා මල්ලීලා
විවෙක කාලයට විතරක්
ලිප්ටන් ගිහිල්ලා පැයක් කෑ ගහලා
අයිමත් තනිවෙලා......
මාලබේ හුබහේ බල්ලෙක් මුරට දමල
ඌ ලවක් දෙවක් නැතිව
මුදලාලී බේර ගන්න බුරනවා
හිරේ ගියත් ලැජ්ජාවක් නෑ
නිදහස් අධ්යාපනය කොහිද?
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Saturday, September 17, 2011
Thursday, September 1, 2011
Saturday, August 13, 2011
මතකය
නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට......
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට......
රිදී ඉර
වැහි අදුරේ රිදී ඉරකුත්
රලු පවනක සිසිලකුත්
මනුෂත්වට අරුතකුත්
ජාතිවාදයට කනේ පහරකුත්
අයුක්තියට යුක්තියත්
සැමදා නොමීයන මතකයකුත්
අමතක කල නොහැකිය
සොයුරනේ.........
මුන් අප රිදවන සෑම විටම
මතකය අලුත්කරමින්
ලබාදෙන ජීව ශක්තිය
ඉකි බිදින පරපුරක
අරුණැල්ලට
පලමු රිවිකිරනයි.......
සදා සමරමු
හද බැතින්
රලු පවනක සිසිලකුත්
මනුෂත්වට අරුතකුත්
ජාතිවාදයට කනේ පහරකුත්
අයුක්තියට යුක්තියත්
සැමදා නොමීයන මතකයකුත්
අමතක කල නොහැකිය
සොයුරනේ.........
මුන් අප රිදවන සෑම විටම
මතකය අලුත්කරමින්
ලබාදෙන ජීව ශක්තිය
ඉකි බිදින පරපුරක
අරුණැල්ලට
පලමු රිවිකිරනයි.......
සදා සමරමු
හද බැතින්
Monday, May 23, 2011
Saturday, April 30, 2011
අම්මාට බය කු + මාරයා
අනේ ගොර්කී ,
ආන්න අර සෙලලකාර රාජ කුමාරයා
පාවෙල් ව්ලාස්ව්ට,
නීල්ව්නාට
බය වෙලා
තව ටික දවසකින්
ගම්පෙරලියත්
තහනම් කරාවී.............
Thursday, March 31, 2011
Tuesday, January 18, 2011
වනිතාවන්
කිංචිමානවිකා
මාගන්ධියා
අම්බපාලී
සිරිමා
උප්පලවන්නා
අනුලා
දොනකතිරිනා
සුරේනී
රෝසී
සමිතා
සංගීතා
අනර්කලී
පබා
....... තව????......
මාගන්ධියා
අම්බපාලී
සිරිමා
උප්පලවන්නා
අනුලා
දොනකතිරිනා
සුරේනී
රෝසී
සමිතා
සංගීතා
අනර්කලී
පබා
....... තව????......
Sunday, January 9, 2011
…..සුන්දර ආස්චර්යය......
පට්ටකච්චියේ තංගරාජ්
තාම ඉන්නවා ලෝක ආහාර
මත යැපෙමින්........
කලමඩුවල් සෝම සුන්දරම්ට
ලෝක ආහාරත් නෑ
ඉන්න ඉඩමකතුත් නෑ........
අන්කරායමන්කුලම් ගමේ වලර්මදි ශිවා
අවුරුදු 34
දරුවො 3 දෙනයි
මහත්තයා මැරිලා
යුද්ධ කරන්න ගිහින් නොවේ
යුද්ධයට මැදි වෙලා
ලොකුපුතා කුලී වැඩ කරනවා………
දෙමල ඩයස් පොරාව උගේ අතට
ආයුධ දෙන්න සල්ලි එකතු කරනවා.............
ආන්ඩුවෙ ඇත්තො දෙශප්රේකමය
පතුරුවනවා...........
එතකොට දෙමල ඩය්ස්පොරාවෙ
කැට පුරවන්න උදවු කරනවා
එතකොට දකුනේ රස්සාව නැති
සුමනෙලාට
මල් කාන්තිලාට රක්ෂාවල්
උපදිනවනෙ ...........
උන්ට පුලුවන් ආයිත් සැරයක්
අන්කරායමන්කුලම් ගමේ වලර්මදි ශිවා ගේ
ලොකු පුතා මරන්න යන්න,
ඌටත් පුලුවන් වෙවී පවුල
මහා වීර පවුලක් කරලා
මැරෙන්න....
ඔටුන්න හිමි කුමාරවරුන්ට
ඔටුනු පලදවන්න
මෙහෙම ආස්චර්යයන්
සිද්ද වෙන්න ඉඩ හැරලා
දිවයින ,සිලුමින,ලංකාදීප බලලා
රැට ජාතික රුපවාහිනී
ප්ර වෘත්ති බලලා නිදා ගනිල්ලා..........
Subscribe to:
Posts (Atom)



