සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, January 9, 2011

…..සුන්දර ආස්චර්යය......


පට්ටකච්චියේ තංගරාජ්
තාම ඉන්නවා ලෝක ආහාර
මත යැපෙමින්........
කලමඩුවල් සෝම සුන්දරම්ට
ලෝක ආහාරත් නෑ
ඉන්න ඉඩමකතුත් නෑ........
අන්කරායමන්කුලම් ගමේ වලර්මදි ශිවා
අවුරුදු 34
දරුවො 3 දෙනයි
මහත්තයා මැරිලා
යුද්ධ කරන්න ගිහින් නොවේ
යුද්ධයට මැදි වෙලා
ලොකුපුතා කුලී වැඩ කරනවා………
දෙමල ඩයස් පොරාව උගේ අතට
ආයුධ දෙන්න සල්ලි එකතු කරනවා.............
ආන්ඩුවෙ ඇත්තො දෙශප්රේකමය
පතුරුවනවා...........
එතකොට දෙමල ඩය්ස්පොරාවෙ
කැට පුරවන්න උදවු කරනවා
එතකොට දකුනේ රස්සාව නැති
සුමනෙලාට
මල් කාන්තිලාට රක්ෂාවල්
උපදිනවනෙ ...........
උන්ට පුලුවන් ආයිත් සැරයක්
අන්කරායමන්කුලම් ගමේ වලර්මදි ශිවා ගේ
ලොකු පුතා මරන්න යන්න,
ඌටත් පුලුවන් වෙවී පවුල
මහා වීර පවුලක් කරලා
මැරෙන්න....
ඔටුන්න හිමි කුමාරවරුන්ට
ඔටුනු පලදවන්න
මෙහෙම ආස්චර්යයන්
සිද්ද වෙන්න ඉඩ හැරලා
දිවයින ,සිලුමින,ලංකාදීප බලලා
රැට ජාතික රුපවාහිනී
ප්ර වෘත්ති බලලා නිදා ගනිල්ලා..........

1 comment:

  1. මේක තමා ආශ්චර්ය.වෙන කොයි රටේද මෙහෙම.......!!

    ReplyDelete