සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, January 21, 2017

අතීත කාල සැමරුම



තෙල් ඩිංගක් මතුරපු 
මොහොට්ටි සීයාද 
හයහමාරේ ප්‍රවෘත්ති අහපු 
වඩු මුත්තාද ................
වන්ගුවේ බුලත් ඒදන ගිමාර අක්කාද 
නිහඩව පර බලනා හින්නි මහතාද 
කඩේ බඩු කිරනා ඩිංගි මහතාද 
තුන්මුල්ලේ රෙදි මහපු හිච්චි මහතාද 
ගතේ අමාරුවට බෙහෙත් දෙන වේද මහතා ද 
හිතේ අමාරුවක් වුනෝත් 
බෙහෙත් දෙන බාල මහතාද 
කොන්ඩෙ කපන සිප්පු අය්යා ද 
රේස් කඩේ රත්නේ මහතා නැති 
නවීකරනය කෙමෙන් ගිල ගන්නා 
බට තුබේ හන්දිය ................