සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, March 29, 2015

මරන්න පෙර ලියුව කවිය...............

හැත්තෑ එකෙත්,
අසු නමයේත්,
මහපාරේ හිටිය,
තාමත් හිටින
සැප ගන්නට දන නොනමන
වන්දිභට්ටි කම් නොකරන
අනුහතරෙත්, අප සමග සිටි
දෙදහස් පහලොවෙත් අප දුටු
වීදියේ වියරුව සුරකින
පොඩි මිනිහාගේ මිනිසා
බන්ඩාර ජයතිලක...........
උන් මැරුවට පස්සේ වීරයෙක්
කරලා වැඩක් නැති නිසා
අපි ලියනවා.........












භූ ගත කල කවි සිත......

B.M.I.C.H මිනිස් වනන්තරේ
ලාභයට පාඩුවට විකිනෙන
පත් ඉරු අතරේ...........
සෙව්වෙමි මනුෂත්වය
සමග නුඹව සෘද්යානෙනි
නැත සෙවුමටවත්
සොයාගත් කෙනෙක්වත්
සොයන අයෙක්වත් මා හැර
න්මුත් මා සෙව්වෙමිය
ආදරනීය චන්දරේ................
නිශ්මි,වෙනුර,රංජිදම්
ගැන කියන්නට නැත පොතක්
තිබුනි පොත් සමහරක්
සම+ හරක් බලන කියවන
වීරයින් වූ පාදඩයින්,පාවා දෙන්නන්
නිදහස් අධ්‍යාපනයට දිවි දුන්
සොයුරනි..............අමතකව ඇත ඔවුන්ට
නුබේ ශක්තියෙන් ආ මග
මිනිසුන්ට ආදරය කරන ආකාරය.........