සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, March 10, 2017

ඉතිහාස පොත


අසුවේ වර්ජනයට අහුවෙලා 
තාත්තා අම්පාරට මාරු කලවිට 
අපේ තනියට ගෙදර ආපු........
මාතරට අස්ස්කෝච්චි ආපු හැටි 
හැත්ත එකේ චේගුවේරා කාරයෝ 
රට අල්ලන්න ආපු හැටි 
සටිපට්ටනෙයි තව බන පොතුයි 
අපිට අල්ලන නොදී 
ඒ කතා විතරක් කියූ .....................
කිරිමැටිමුල්ලේ දිස්පෙන්සරියට 
පානුයි සිනි යි කවා ගෙන 
පණු බෙහෙත් බොන්නට 
සෙනසුරාදා උදේ රැගෙන ගිය 
බිඩී වැඩ පොළ ලග ගෙදරකින් 
වතුර ඉල්ලා දුන් ....
නංගි අඩනකොට 
ටික දුරක් වඩා ගෙන ගොස් 
බිමින් තියා හති ඇරපු 
ඕලෙවල් ප්‍රතිඑල අසා 
මා නලල සිබ සතුටු වූ 
කවරදාකවත් අමතක නොවන 
ඉතිහාස පොත 
ආත්තම්මා ..............................