ලන්දේසි,පුරුතුග්‍රීසි ,ඉංග්‍රීසි
යටත්වෙලා උන්ට රට පාවා දීලා
දුරාචාරය ,සුරාමේරය,සුදුව
අරක්කු රේන්ද කාරයොන්ගේ පුත්තු
රජ වෙලා
උන්ට ගත්තු නිදහස සමරනවා ......
කසය අතින් ගත් කළු සුද්දෝ
රට පුරාම කුඩු බෙදලා
කවුන්සලේ පිනුම් ගහද්දි
මරදානේ කුඩ්ඩෙක්
බදු ගෙවන අප සැමට
චීනෙන් ගෙනාපු
ජාතික කොඩි විකුනනවා
ගන්න කොඩියක්
අනුග්‍රහ පිණිස කුඩ්ඩා ට ....
