සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, December 23, 2015

පොප් ආතල් එක



අනේ එන්රික් ඉග්ලේසියස්
නුඹ වෙනු වෙන් දහසින් බැදි පියලි
වියදම් කරපු අධම නරි රැල දුටුවාම
මට නරි ගැන හිතුනා දුක................
88 වෙනි උපන් දිනය දා
සංගීත පාසලක් සදන්නට
වෙර දරන අමරදේවට
මොනවා හිතෙනව ඇත්ද
මෙවා දුටුවාම.............................

Saturday, December 19, 2015

නාග සේන මහතාගේ මලගම








පුතා ඉන්නේ එංගලන්තේ
ඉගෙන ගත්තේ රාජකීයේ
මහ  රැජිනත් අදුනනවලු
බැදල ඉන්නේ ලොකු තැනකින්
සිවිල් සමාජයේ පොරක්ලු
පන්සලේදී,මලගෙදරදි,කඩේ පිලේ
අපට කියපු............
මහතයා මැරුන දවසේ
වල කපන්න,කොඩි දමන්න
හේවිසි හොරණැ ගහන්න
සමුර්දියෙන්,ජනසවියෙන්
කුලීයක් මලියක් කරලා 
ජිවත්වුන සයිමන්ගේ පුතාලා නෙව
පිහිටවුනේ...............





Saturday, December 5, 2015

එකම යුග පුරුෂයා


දහසකුත් මිනිසුන් අතර
මගේම වූ
මා නුබේම වූ
ලැබුමුත් නේක වරදාන වරප්‍රසාද
තනතුරු
මා වෙනුවෙන්ම කැප වූ
කුරුලු පිහාටුවක් මෙන් එසවුවත්
හිතේ දාරා ගත් මහමෙරක් තරමේ
දරු සෙනෙහසක් ඇති
තවම කියවන්නට
බැරිවුන
මහා පුස්ථකයක් වැනි වූ
ජීවිතයේ කිසිදා අමතක නොවන
එකම යුග පුරුෂයා
ආදරනීය
තාත්තා...........