සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, January 27, 2023

බාලවියේ සොඳුරු මතක

 


අහඹු ලෙසින්

කුවෙර වෙසින්

අතීතයෙන් එළියට පැන...

මහ වියතුන්

පොතේ ගුරුන්

අතර සමව

වැජඹී ගෙන...

උමතු වෙසින්

යස ඉසුරින්

රූ සිත්තම්

මවාපාන

බාලවියේ

සොඳුරු මතක

අතහැර ගිය

සබඳාණන......

වැලි කෙළියේ

සිහින අතර

සොඳුරු සුවඳ

තවරා ගෙන

කෝටු කකුල්

දත් අඩු කට

මතකයෙ ඇත

අඩු නැතුවම....

කොට කලිසම

පටි සපත්තු

දැනේ අදත්

ඊයේ මෙන

නුඹ පෙන්වන

ඉසුරු සිහින

නොපෙනේ මට

කිසි ලෙසකින.....

පැතූ සිහින

නුඹ ජයගෙන

ජයඝෝෂා

නංවන දින

නෑසූ ලෙස

මං ඉන්නම්

සොඳුරු මතක

සිහියට ගෙන......

නි ර් මා ණ  අ  යි ති ය

----මා ලා  මං ග ලි කා----- 

No comments:

Post a Comment