සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 23, 2014

කරඩුව වැඩම වීම.


83 කලු ජූලියේ
ගමේ දෙමළු හොයා මරපු
රෑට  රෑට මිනිස්සු නැති
ගෑනුන්ගේ තනිය රැකපු
දවල් ජාමේ ගමේ අයට
හොර අරක්කු පෙරා දුන්නු
චන්දෙට වැඩ කරල ගොහින්
මැම්බර්කම උදුර ගත්තු
සද්ගුනවත් සම විනිසුරු
දැක්කම පුටුවෙන් නැගිටපු
නම්බුකාර ලොක්කේ අය්යා
කරඩුව හිස මත තබාපු
සාධු සාධු අපිත් කියමු
අනේ ඉතිං අපට සාධූ


No comments:

Post a Comment