පුතේ උඹ මට රජෙක් කී යැයි.
අම්මගේ හඬ ඇසෙනවා.
අම්මා දුන් රජ කිරුල ඔලුවේ.
දිලිසෙමින් හිත හඬනවා........
රජ කරන්නට දිරි දෙමින් මට.
අම්ම ගත් දිරි දැනෙනවා.
මගේ අම්මට හැමදාම මම.
බුදුන් වෙන්නට පතනවා...........
කාලයෙන් ආපස්ස වෙත ගොස්.
තුරුලු වෙන්නට හිතෙනවා.
එදා මගේ දුක් කඳුළු පිස දෑ.
අම්මා කොහේ දැයි සොයනවා.........
කිසිත් නොමැතිව ලොවේ කොතැනක.
තනිකමක් මට දැනෙනවා.
අනේ අම්මේ ඒ කතාබහ.
හීනෙනුත් මට ඇසෙනවා............
සුලබ සිතුවිල්ලක් සිත් ගන්නා ලෙස ඉදිරිපත් කරලා තියනවා. දිගටම ලියන්න.
ReplyDeleteගොඩක් පින් ඔබට
Delete