සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, November 14, 2016

ඉල්



පුතේ වාරූ තිබෙනව තව සිත        ගාව

නුබේ රුව මැවී පෙනෙනව       හැමදාම

නුබේ මතකයන් අරගෙන හැම වසරේම     

ඉල් සැමරුමට මම යනවා පෙර    සේම

තප්පර පැය වෙලා කාලය ගෙවිලා    ගියා

නුබෙ මතකයන් මට පමනක් ඉතුරු  වුනා

සැගවුන මතකයන් එක්වී රොද    බැදෙනා

මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා


ඈත ගම් නියම් අහුකොන        නිරන්තරේ

නුබ වැනි තවත් මල් පිපෙනව  නිරන්තරේ.

එක් කොට සුවද වත් කෙරුමට  මිනිස්පුරේ

නුබ වැනි එවුන් දහසක් ඉල් මස     සැමරේ 

5 comments:

  1. http://www.w3lanka.com/2016/11/blog-post_14.html

    ReplyDelete
  2. ඉල්මහ විරු සමරුව...........

    ReplyDelete
  3. මල් තව පිබිදුනත් ළෝකය සුවඳ වෙලා
    දැල්වුණු දුකින් අප්පච්චී කඳුලු සලා
    බොල් පිණි වැටෙන උදයේ හිත දිරිය ගලා
    ඉල් සැමරුමට යයි තම පුතු සිහිකරලා

    කලින් පෝස්ටුවම අයින් කරලා නිසා මේකටත් ඒ කොමෙන්ටුවම දැම්මා.

    ජයවේවා!!!


    ReplyDelete
  4. දුමින්ද සහෝදරයා මුලිම් දාපු කමෙන්ට් මම එඩිට් කරන්න ගිහින් මැකිල ගියා අනේ ගොඩක් පින් අයෙත් කමෙන්ට් කලාට මට ලොකු හය්යක් ඒක .පාසල් යන කාලේ මොකකින් හරි දිනලා සහතිකයක් ගත්තම දැනෙන සතුට මට කමෙන්ට් එකක් දැක්කාම දැනෙනවා.

    ReplyDelete
  5. කුරුටු ගැ ගී පවුරේ සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරය වටිනවා

    ReplyDelete