සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, May 28, 2016

මාලන්


යුගාන්තයේ
තාත්තාගේ ෆැක්ටරියේ
මිනිසුන්ගේ හඬ...............
යශොරාවයේ අම්මාට
කුස්සියට ගිහින්
ඇත්තම කියපු හඬ.......
ඉoග්‍රිසි කතාකලත්
ෆොටො ගහන්නටවත්
ගෙදර ෆුල් කිට් නොතිබුණ
වලව් වල මාලිගාව
මඩ සොදා හුනු පිරියම්
නොකරපු.............
කුඩු ,ගනිකා ,රන් හොරුන්ගේ
නාලිකා වල වලo නොසේදූ
පත්තර සිරස්තල කියවා
බැoකු ගිනුම් තර කර නොගත්.........
කොරළ වැල්ලෙන් නිහඬ කල
නිර්දොශී මිනිසුන්ගේ
අවoක එකම හඬ
නිදස්ම නිදහස් මාධ්‍ය වෙදීන්ගේ
හඬ..........................

ආදරනීය රිච්ඩ් අයියා............

4 comments:

  1. රිචඩ් ඩි සොයිසා කියන තරම් සුදු චරිතයක් නෙමේ කියල මම අහල තියෙනවා. ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ. කොහොමත් මිනිස්සු මැරුනයින් පස්සෙ වීරයො වෙනවා. එනිසා රිචඩ් ගැන මිනිස්සු කියන ඔය හොඳ දෙකෙන්, තුනෙන්, හතරෙන් බෙදලා ගන්න එක හොඳයි මයෙ හිතේ.

    ReplyDelete
  2. රිචඩ් කියන්නේ රත්තරන් මනුස්සයෙක්. නුගේගොඩ රැස්වීම් බලන්න ඇවිත් සිගරට් එකක් ගහගෙන පැත්තකට වෙලා අහගෙන ඉන්න හැටි මතක්වෙනවා. මළ ගෙදරට ගියාම ඇතිවෙච්ච හැඟීම කියන්න වචන නැහැ. රිචඩ්-රාජිනි සැමරුමේ රිචඩ්ගේ මූණ එක්ක ප්‍රින්ට් කරපු ෂර්ට් එක මෑතක් වෙන තුරු තිබුනා. හොඳ මිනිස්සුන්ව ඉවත් කරා.

    ReplyDelete
  3. අපේ කාලෙ වීරයෙක් ....

    ReplyDelete
  4. ඇත්තට මම රිචඩ් ඩි සොයිසා ගැන පෞද්ගලික දන්නේ නැහැ ,නමුත් සියලු හොද මිනිසුන් නිහඩ සිටි රුදුරු භීෂණයේදී ඔහු නැගූ හඩ මරනය ඔහුට පැමිනියා .එය ඉතා ශෝචනීය දෙයක් ඔහු ගැන දන්න සහෝදරයින් ගේ මෙ අදහස් දැක්වීම් වලට ගොඩක් ස්තූතියි.මොකද ඔබ දක්වන අදහස් එම යුගයේ මතකයන් ඒවා ඉතා වටිනා දෙවල්

    ReplyDelete