සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, January 27, 2016

බුදු හාමුදුරුවනේ එනපොට හොද නෑ.....







මල්ලව සල්වනයෙන් අධිකරනයට ආපු සුභද්‍ර
අභද්‍ර වචන කියනවා.....
නාලාගිරි පරපුරේ පැටව් හොරකම් කරපු දේවදත්ත
පාර්ශවයේ අයත් ඒකට උදව් කරනවා...........

පූගති තිස්ස හිමියන්ට සාත්තුකරන්න ඒපා කියපු
සාත්තු සෙවකයන් නොමග යවපු මක්කලී ගෝසාල
අජාසත්තට එකතුවෙලා මොර දෙනවා..........

සැරියුත් මුගලන් හාමුදුරු වරු
වගේ වගක් නැතුව
භාවනා කරනව...............
අනේ අපි
පව් ගෙවනවා........

7 comments:

  1. හරිම ලස්සන, කාලෝචිත කවියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි අදහසක් දැක්වුවාට

    ReplyDelete
  3. සුපිරියට ම ලියලා බං.......

    ReplyDelete
  4. අදට ගැලපෙන කවි පෙලක්. ස්තුතියි මේක දැම්මට.

    ReplyDelete
  5. ටොප් මචං...
    උඹ වසල සූත්‍රය කියවල තියේ නේද..
    හෙහ්.. ඔන්න ඕ වගේ අය ගැන ලු නෙ කියල තියෙන්නෙ

    ReplyDelete
  6. අපිට බුදු බණ දුර වැඩි ද මංදා..........

    ReplyDelete
  7. නොවක් තුති පුදමි ඔබ සැමටම මට කවි ලියන්නට හය්ය දුන්නාට

    ReplyDelete