සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, August 29, 2021

රලපනාවක ඉකිබිදුම

වැවක රැල්ලට සහනයක් දෙන රලපනාවට බුදුන් සරණයි රජ රටේ මනු සත්ව සුසුමට සිසිල දෙන ජල කදේ පිහිටයි ............  නයනසේනට කවි හදන්නට දිවුල්ගේ හඩ සුසර වන්නට රුවන් දර්ශන ස්වර මවන්නට වැව් දියේ සිසිලසම සත්තයි ..........  රවටෙනා බව නොදත් මිනිසුන් නෙතින් දුටු ඇත්තක් පසක් කොට දිනක් එනවා නෙතට  දකිනට වාලුකාවක සිරිය  පොදු කොට ..........
වැවක රැල්ලට සහනයක් දෙන
රලපනාවට බුදුන් සරණයි
රජ රටේ මනු සත්ව සුසුමට
සිසිල දෙන ජල කදේ පිහිටයි ............

නයනසේනට කවි හදන්නට
දිවුල්ගේ හඩ සුසර වන්නට
රුවන් දර්ශන ස්වර මවන්නට
වැව් දියේ සිසිලසම සත්තයි ..........

රවටෙනා බව නොදත් මිනිසුන්
නෙතින් දුටු ඇත්තක් පසක් කොට
දිනක් එනවා නෙතට  දකිනට
වාලුකාවක සිරිය  පොදු කොට .......... 


No comments:

Post a Comment