සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, May 4, 2020

ආරිය සිංහල ගුරු උතුමා .

                       


ලෝකයේ සත්ව ප්‍රාණීහු ඉපදෙති මියෙති .ඒ ලෝක ස්වභාවයයි. අමතකව යති .මිනිසුන් තුල එයින් වෙනස් කමක් පවති .ඒ මිනිසුන් යමක් ඉදිරියට ගෙන යෑමයි .වෙනත් කිසිදු ජීවියෙක් යමක් තම වර්ගයාගේන්  ඉදිරියට ගෙන නොයති . මිනිසා ඒ අතරම කාලගුණ සැලකීම නම් ගුණය ප්‍රගුණ කර එය දැනුම සමග ඉදිරියට ගෙන යාමෙන් දියුණු වී ඇත.දියුණුවට හේතුව මෙය විය හැකිය.මිනිසුන් දැනුම සමග සංස්කෘතිය නමින් හැදින්වෙන දෙයක්ද ඒ සමග බද්ධ කරගෙන ඇත.මේ සෑම දෙයක්ම ඉදිරියට ගෙන යන්නේ දැනුම සම්ප්‍රේශනය විමෙන්ය .ඒ සදහා ඉගෙනීම හා ඉගැන්වීම නම් ක්‍රමවේදයක් බිහි විය .එහි පමුඛයා දැනුම ලබා දෙන්නාය .හෙතෙම ගුරුවරයා නමින් හැදින්වේ . ඔවුන් ජීවිතය කැප කරන්නේ දරුවන්ගේ හා සමාජයේ යහපත උදෙසාය .එවන් එවන් ගුරැ වරු දෙවිවරු ලෙස අපගේ සමාජය සලකයි .එවන් ගුරු වරයෙක් ගැන මතකයක් අවධි කරමි .
              1986 වර්ෂය මා ගමෙන් පිට 2 km පමණ තනියෙන් යෑමට පටන් ගත් කාලයයි .ඒ  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වීමට දුර පැත්තක පන්තියකට යෑමට සිදුවීමයි .මා ගිය ඒ කුඩා උපකාරක පන්තියට පැමිණි සුන්දර මෞහත් මිනිසෙක් ගැන මේ සටහන තබමි.එතුමා එහි සිංහල බස ඉගැන්විය.ඔහු නමින් අප හැදින්වුයේ බෙන්තොට සර් නමිනි.
         1987 වර්ෂයේ අපි තෙලිජ්ජවිල මාධ්‍ය විද්‍යාලයට ඇතුලත් වූ වසරයි .එකල අප පාසලේ ජාතික ඇඳුම හැදී එකම ගුරු වරයා වුයේ බෙන්තොට ගුරුතුමාය .මා කලින් මෙතුමාගෙන් ඉගෙනීම කල බැවින් මා නව පාසලේ දන්නා කියන එකම ගුරුතුමා වුයේ මෙතුමාය .තවද ඉතා සුහද ශීලි කරුණාවන්ත මේ ගුරුවරයාට සියලු දරුවන් විශේෂ ආදරය දැක්විය .
      බෙන්තොට සර් අපේ පාසලට පැමිණියේ සුල්තානාගොඩ බස් රථයෙනි .ඒ පාරේ බස් ගමන් කරන්නේ එක්තරා කාලසටහනක් අනුවය .නිතරමබස් ධාවන විමක් සිදු නොවිය .උදේපමිනෙන බස් රථය අල්වා ගනිමට නොහැකි වුවහොත් පාසල්ට පමිනෙන්නට සිදු වන්නෙ දහවල් විමෙන් නිසා විදුහල්පති තුමාගේ උදහසට ලක් වෙ .එම නිසා උදෙන්ම එන බස් රථය තුල සියලු දෙනාම පැමිනෙ .එහි මාතර නුපේ හන්දිය පසු කොට හමුවන පබුරන ,පොල්හෙන,වල්ගම ,කබුරුගමුව ,කොටවිල ,ලැබිම ,කලටියවල ,සුල්තානාගාගොඩ ,අකුරුගොඩ ,කිරිමැටිමුල්ල ආදි ප්‍රදේශ වල සියලු දරු දැරියන් පැමිනෙයි .එකම බස් එකෙ සැමදාම එකම පිරිසක් පමිනෙන නිසා එකිනෙකා හදුනන අතර ඔවුනොවුන් අතර ලොකු බැඳුණු ගතියක් එම බස් රථයෙ මගින්අතර විය .එහි රියදුරු මහතා හා කොන්දොස්තර මහතාද ඒවැනි මිනිසුන් වුහ.සොදුරු කථා කෙලි කවට සිනා පිරුනු එ පාසල්බස් රථය කෙතරම් සුන්දරද ?.

   මෙ බස් රථයේ පැමිනි අසංග ,ප්‍රියංග ,ලක්සිරි ,රොශාන් ,රසික ,ක්‍රිශාන් හිටපු ගමන් එන හේවගෙ ,චාමි ,ප්‍රිති ,පුශ්පා ,ප්‍රියන්ගා ,තුශාරි අක්කා(අසංග ,ප්‍රියංග ගෙ චුටි අක්කා ) ,චම්පිකා ,දිලිප අයියා මගෙ මතකයෙ තවම පවති .
මගෙ කතාවෙ කතා නායකයා වන අපෙ බෙන්තොට සර් මෙ බස්රථයට ගොඩ වෙන්නෙ කොටවිල ලැබිම ග්‍රාමයෙනි .එතුමා මෙ බස් රථයෙ පැමිනි ගෞරවනීය පුද්ගලයෙකි,වයසින් හා පැසුනු බුද්ධියෙන් පිරුනු මෙතුමාගෙ කරුනාවන්ත භාවය සිසු දරුවන්ට මහත් අස්වැසිල්ලක් විය.තෙලිජ්ජවිල මන්සන්දියෙ සිට අපෙ පාසලටයාමට 1.5 KM. පමන දුරක් පා ගමනින් යා යුතුය .උදෙ පාන්දර සුදු කොකුන් රැනක් සේ අපි පාසලට ගියෙමු.බෙන්තොට සර්  අපෙ නඩෙ ගුරු ලෙසට දකිනා කෙනෙකුට පෙනෙනු ඇත.
                      මා ජයවර්ධන ගුරුතුමියගෙ 5 ශිශයත්වය පන්තියට ගොස් ගෙදර ගියෙද බෙන්තො ගුරුතුමා ස්මගය එතුමා මගේ සිංහල ගුරුතුමන්ය .එකල සර් සම්ග වෙගයෙන් ගමන් කිරිමට කුඩා අපට නොහැකිය.අපි දුවමින් සර් සමග ගමන් කලෙමු.සුල්තානාගොඩ එකම බසයක් ඇති නිසා සර් එ උදෙසා ඉක්මන් ගමනින් ගමන් කලෙය .අපගෙ එකල එකම සිහිනය තෙලිජ්ජවිල මැදි විදුහල නිසාත් එහි ගුරුවරයකු වු බෙන්තොට සර් සම්ග එකට ගමන් කිරිම අපිට ලොකු සතුටක් විය .අසල රාජකීය කනිටු විදුහලේ කුඩා අපිට එකල එතුමා උගන්වන  පාසලේ අධ්‍යාපනික තත්වයන් කියන අයුරු ඉතා අශාවෙන් අසා සිටිම අනාගත සිහිනයක් දැකිමක් වැනි විය .මෙ ගමනෙදි ප්‍රස්තාපිරුලු ,ආතොපදෙශ ,හා සවස් කාල්යෙදි පන්තියෙ උගන්වනු ලැබු සිංහල මතකයෙන් ගිලිහි නොයන අයුරින් එතුමා අපටඉගැන්වූ අයුරු මට තවමත් මතකයෙන් ඉවත් කල නොහැකිය .
    බෙන්තොට සර් විශ්‍රාම යන දිනය මට මතකයෙ පවති .ගුරු මන්ඩලය පමනක් නොව දහසක් සිසු දරුවන්ගේ නෙත් කෙවෙනි  වලට එදා කදුලක් පැමිනි බව මා හට මතකය .එදා පාසල් නිවාඩු දෙන දවසක් බව මතක මට කියයි .අපේ අදරනිය සුන්දර සිංහල ගුරු උතුමා එදා තෙලිජ්ජ විල මැදි විදුහලින් විශ්‍රාම ලැබිය .

"ආදරනිය ගුරුතුමනි ඔබ කියා දුන් එ  බස හැසිරවිමෙ හැකියාවෙන් මෙ සෙ ලියමි .ඔබ තුමාට නිදුක් නිරෝගි සුව සමග දීර්ගායුශ ලැබෙවා !තෙරුවන් සරනයි !"

විශේෂ ස්තූතිය හිතවත් දිස්නා අක්කාට වෙතට සර්ගෙ චායාරුපයක් ලබා දිම වෙනුවෙන් . .











No comments:

Post a Comment