සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, April 7, 2020

MW /SW මතකය .




මේක පොටෝ  දැක්කම මට ගොඩක් දේවල් මතක් වුනා .මුහුණු පොතේ සුවද දැනේ ගැමි සිරියාව කියන කණ්ඩයාම් ගිණුමේ ,චන්ද්‍රිකා මහත්මිය තමයි මේ පොටෝ පලකරලා තිබුනේ ,පළමුව එතුමියට ස්තුති කරනවා .මේ රේඩියෝ එක ලංකාවේ හදපු එකක් එක දැක්කම ලොකු දුකක් ඇති වුනා .අපි නැවත  හදමු ලංකවේ මෙහෙම දේවල් අපිට පුළුවන් .1980 දශකයේ මැද වනවිට මට යන්තම් දැනුම් තෙරුන් ඇතිවෙන කාලේ අපේ ගෙදර තිබුනා මේ ජාතියේම MW /SW රේඩියෝ එකක් .ඒ දවස්වල ලොකු අය්යයි මමයි නංගියි පාඩම් කරන මෙසේ අයිනේ තිබුනේ ඒ රේඩියෝ එක ,අපි චිවිනි ලාම්පු එළියෙන් බත් කමින් රාත්‍රී ඒ ගුවන්විදුලියට සවන් දුන්නා මට මතකයි .
                 ඉස්සර වෙළද සේවය ,ස්වදේශීය සේවය ,අපේ පළාතේ රුහුණු සේවයට සව්න්දුන්නා   ,අපේ ගෙදර ලයිට් තිබුනේ නැහැ .මේකෙන් ඇහෙන කතා මට මතකයි .ඒ දවස්වල තිස්ස ජයවර්ධන මහතාගේ ගාම්භීර හඩ .සන්ධ්‍ය ප්‍රවෘත්ති විකාශනය .සදුදා මුවන් පැලැස්ස බදදා අපේ අත්තම්මා බන අහනවා ,ඉරිදා උදේටත් එහෙමයි . මුවන් පැලැස්ස ගුවන්විදුලි නාටයේ චරිත කෝරලේ මහතා ,මැණිකේ ,පිනා ,වෙදරාළ ,ඩවුන්ඩය ,සොමාරියා ,වෙල් විදානේ ,උරුට්ටුවා (මට මේ නම් මතක මම මේවා අපේ පන්තියේ කීප දෙනෙකුට ආදේශ කළා තාමත් ඒවා කියනවා ),සිලිදී ,කදිරා ,ජන්තු කෝරලේ මහත්තයා ,ගබන් ලොක්කා ,මේ චරිත වලට පනපොවන්නේ විජේරත්න වරකාගොඩ ,රත්නාවලි කැකුණවෙල,ගැමුණු විජේසුරිය ,වික්ටර් මිගෙල් ,ශ්‍රී නිමල් පද්ම කුමාර ,කුසුම් පිරිස් ,විනොලා මිගෙල් ,මට තව මතක් වෙන්නේ නැහැ මේ අය සමහරු අප අතරින් වෙන් වෙලා දැන් ,ඒ වුනාට මතකයන් සුන්දරයි .
       

           සිකුරාදා සදයි තාරකාවයි ආනන්ද සිරිසේන මහතා ලිව්වේ ,එකේ රගපාව කමල් දේශප්‍රිය ,ගීතා කාන්ති ජයකොඩි ,නෙතලි නාන්නාක්ක්කර (තවම රගපානව )ඉරිදට ගියා ඒකාංගි නාට්‍යක් රක්ෂණ රංගන ,තව බ්‍රහස්පතින්දා ගිය කතා මතකයි.
 රහස්පරීක්ෂක කතා කැතලින් ජයවර්ධන මහ්ත්මිය ලියපු කතාවක් ගියා .ටිකක් අහන්නබය හිතෙන්ව පුන්චි වුනත් මම බයෙන් එවා ඇහුම්කන් දුන්නා.                                                           සෙනසුරාදා කරුනාරත්න අමරසිංහ  මහතාගෙ  හඩ මුසු වුන ගුවන්විදුලි රගමඩල ,එහි ප්‍රතාපවත් උගත් චරිත සියල්ල හඩ එතුමාගේ ,පසු කාලිනව ෂර්ලොක් හෝම්  කතා වලට එතුමා ලොකු වටිනාකමක් අරගෙන දුන්නා .විශ්ව සාහිත්‍යට ඒ හඩින් වූ  මෙහෙය ඇති විශිෂ්ටයි ,ඒවායින් ලබපු දැනුම වෙනත් කිසිම තැනකින් මම ලබල නැහැ ඉරිදා ගිය කතාවක් මතකයි මේධා කියලා එක එක්තරා වලව්වක් කතාවක් එක ලිව්ව මහතාගේ නමේ කැල්ලක් මතකයි ධර්ම ශ්‍රී කියලා තිබුනා මට සම්පුර්ණ නම මතක නැහැ .මේ යට අමතරව කවි ගැන වැඩ සටහන් ගියා ලලිත් එස් මෛත්‍රිපාල මහතාගේ කවි හඩ කවදාවත් අමතක නොවන මිහිරි හඩ ,මේ කාලයේ රණසිංහ ප්‍රේමදාස මහතා කතාවක් රචනා කළා ගොළු මුහුද කියලා දුටු ගැමුණු කුමාරයාගේ කතවා එකේ කථනය එරානන්ද හෙට්ටිඅරච්චි මහතා කථනය කළා .ගුරුගේ මැණික් වසනා උදානය ස්විනොදය සමග ලබා දුන්න දැනුම මගේ මතකයේ තාම තියෙනවා .අම්භිගා ගීතයෙන් ගීතය වැඩසටහන කොතරම සුන්දරද අපි ඒ වගේ ඒවා පාසලේදීත් කරා .තව තිබුනා ඔව නෑ බැ තරගය එක මෙහෙව්වේ සීලරත්න සෙනරත් මහත්මයා බොහොම විනොදකමිව එක මෙහෙව්වා .හරිම ලස්සනයි .ඉරිදට ගියා ලතාගේ කතාව හරිම සුන්දර කතවක් අපේ අම්මා තාත්තා අපි සියලු දෙනාම සතුටු වුනා .එක අහලා .
     රුහුණු සේවයේ ගිය රුහුණු ගුවන් කරලිය එකේ කතා ලියපු වැවහම්න්දුව සුගත් ජයතිස්ස මහතා ,එතුමා හඩ  අමතක වෙන්නේ නැහැ .ඉරිදට කදුරට සේවයේ මහින්ද අබේසුන්දර මහතාගේ ලස්සන කතවක් ගියා මට මතක නැහැ නම් නම් හරිම වැදගත් ඓතිහාසික කතා එකේ සිදු වුනා .සේසත්යි කුමරියයි මට මතක් හිටිය තව කතාවක් ,එකේ හිටපු සුදාරිකා කුමාරි ,හංසගිරි ඇමති තුමා ඒ හඩ තාම දොන්කාරදෙන්වා මගේ මතකයේ .මට ගුවන් විදුලිය විශ්වවිද්‍යාලයක් වුනා .මේ කාලේ මම චිත්‍රයක් ඇදලා රුහුණු සේවයට යැව්වා එකේ තිබුන ළමා වැඩසටහනකට ළමයි සරුංගල් අරිනවා ,එක මෙහෙව්වේ පද්මිණි කරනයක මහත්මිය ,එතුමිය මගේ මාධ්‍ය මුල් ගුරුතුමිය වුනා .අපේ සරත් කරුණාරත්න ගුරු පියානන් සමග මම නිවේදන කටයුතු කරා එක ලොකු සතුටක් මට .මම මල්මල් වාරම් වැඩසටහනට ආවේ එතුමියගේ උදව්වෙන් තමයි .ඔය කාලෙම තමයි මයුරි අක්කා රුහුණු සේවයේ වැඩ සටහන් වලට ආවේ .එයා වැඩසටහන් ඉදිරිපත් කරනවා මම අහලා තියෙනවා(අද SLBC අධ්‍යක්ෂ කෙනෙක් ).නිලාර් අය්යගේ තුරුණු සර වැඩසටහන මමත් සහභාගී වුනා .

මේ ලිපියේ මට අමතක වුන තව ගොඩක් දේවල තියෙනවා .මේක කියවන කෙනෙකුට තව තියෙන අත්දැකීම් එකතු කරන්න .ඒවා එකතු වුනහම ත්වසුන්දර වේවි මේ ලිපියත් .

3 comments: