භූ ගත කවි සිත කවියෙකුගේ ජිවිත කතව සමග ලියවුන අගනා පොතක් ,1977 විවෘත්ත ආර්ථිකය පැමිණීමත් සමගම මේ රටේ ප්‍රාග්ධන විෂමතාවය නිසා ඇති වූ සමාජ ව්‍යසනය මෙයින් මනාව පිලිබිබු වෙයි ,මෙහි ප්‍රධාන චරිතය චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ බිම් මට්ටමේ ජිවත් වූ මානව හිතවාදී කවියාය .ළමා වියේදී මහන දම් පුරා පසුව ගිහි ජිවිතයට ඇතුල් වී තම මව් සමග පවුලේ ජිවන බර කර ගැසීම නිසා ඇතිවූ ආර්ථික පහසුතා ගැන ලිවිය .එය මුළු සමාජයම ගිල ගත් අයුරු ඔහු ලිවිය ,කිසි විටෙක මේ සමාජයේ තමන්ට අඩන්තේට්ටම් කල කිසිවෙකුට වෛර නොකළේය .මේ සමාජය යහපත් කිරීමට නිවැරදි අධ්‍යපනයක් ලබන්නාවූ මිනිසුන්ට හෙතෙම ගරු කළේය .ඔහු ගැන අන්තර් ජලයේ එක තැනෙක මෙසේ ලියා තිබුණි ,
අටේ පිටුවේ සිතුවිලි නුබේ දුටුවාම
මිනිසෙක් මැවෙයි බොද වී මා නෙත ගාව
දෑ කුල සිරිත් පලවා හැර සිතු සේම
මිනිසා නුබයි මා දුටු ඒ සිහිනෙම ........
බඩ රක්ෂා කරන්නට පවුලේ සැමගේ
මුළු දිවියම පුරා නුබේ මව් කැප කෙරුවේ
සරසවි ලගින් යන බස් රථයක් ඇතුලේ
මනුසත් කමින් නුබේ හදවත මල් පිපුනේ ......
නැති බැරි කමට බස් වල කවි කියමින්නේ
ඒ කවි පුවත් පත් වල නෙව අපි දුටුවේ
කිවිවර රත්න ශ්‍රී කිව් පැවසූ ලෙස සැනිනේ
මැස්කිම් ගෝර්කි නුබමයි මා සිත පතුලේ
No comments:
Post a Comment