සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, January 23, 2017

උලුක්කුලමේ පුංචි මතකය















වෙඩි හඩ මැදින් 
දුම්රොටු පුළුටු ගදින්
වැසි පැවතුන ඒ අතීතයේ 
උලුක්කුලම මැටි පාරේ 
අපේ  ගෙදර ලග වැට  මායිමේ 
මා සොයා ආ පුංචි දේවිකා 
ඔයා කොහේද ගියේ 
රෝස පාට තට්ට බෝනික්කා 
කෝම්පිට්ටු පොල්කටු 
තාම මතකයි හීනයක් වගේ 
ඔයා ආවා මගේ යාළුවේ 
යුද්දේ දරුණු වුන නිසා 
අම්මා තාත්ත එක්ක 
මං ගියා අනුරපුරට 
මාළු විකුනපු ඔයාගේ තාත්තා 
කොටි මරුවලු ..
ඔයත් මැරුණා කොටි අතින් 
හිත අඩනවා තාම මගේ 
සුදු පරවියෝ පියාබන 
කොවුල් හඩ නගන 
දෙදාස් පහළොවේ බක් මාසේ 
මම අවා උලුක්කුලමට ...........
ඔයා හිටිය නෑ 
කාටවත් මතක නෑ අනේ ඔයාව 
මට මතකයි තාම 
සමුද්‍රා අක්කා ඇඩුව මම අදුනගෙන 
අනේ ඔයා හිටියානම් මට ................

2 comments:

  1. අමුතු ස්ටයිල් එකක්

    ReplyDelete
  2. රස්තියාදු කාරයා ගොඩක් ස්තුතියි !,මේක ඇත්ත කතාවක් මගේ බිරිද මට කියපු කතාවක් මේ එයාගේ පොඩිකාලේ යාලුවෙක් ගැන තාම කියවෙන්නේ මට ඒ කතාව ඇහුවහම ලියවුනා මෙහෙම ,

    ReplyDelete