සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, March 17, 2017

ගුරුතුමාගේ වැහි මතකය

ඔව්
අතීතයේ එක ලස්සන දවසක කැම්පස් පාරේ එක කුඩයක් යට
 අපිගිය හැටි මට සිහියට එනවා
මේ මල් වැසි වැටෙනා හැම මෙහොතේම
ඒ මල් පාරේ ලෙක්චර් නිම වී
අලුත් පෙම්වතුන් යනෙනා දුටුවිට
සිව් රිය සක තුල පාළුව එනවා
නුබ ගැන සිහි වී
බොද මී දුම් මැද ............................
නුබ වැනි මා වැනි තවත් චරිත මැද
දහසක් මැද තනි දේශන දෙන සද
දිවිල්ගනේ කියූ බෙලිහුල් ඔය ගැන
මට සිහි වෙනවා
මල් සියොතුන් මැද .........
කෙලෙස කියන්නද
යලි හමු වෙන්නද
ආයේ මුලට ගොස් නැවතුන තැන සිට
බලා සිටිනවා මගේ තනි යටි සිත
මැදිවිය නික්මී යයි අප පසුකර .......
අප දෙදෙනා යලි ගිය හොත්  මේ මග
ඔවුන් කියනු ඇත
සරුත් බැද ඇත ..............

3 comments:

  1. පෙම්වත් අතීත මතක අගෙයි

    ReplyDelete
  2. අපූරු පදවැලක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මහත් දිරියකි ඔබගෙන් ලැබෙන්නේ තුති පුදමි .

    ReplyDelete