සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, November 1, 2015

ඉමාෂාගේ රුපියල් පනහ.




නුබලාගේ දෙමවුපියන් රවටලා
දියවන්නා පනින හොරු
තප්පරයට නාස්තිකරනවා
ඔයිටවඩා ලොකු මුදලක්.............
උන්ට උදවුකරන ඩීල් කාරයෝ සුරාකනවා
අම්මාලගේ තාත්තලාගේ ජිවිත
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
තාජ්,හිල්ටන්,ඔබරොයි...තව...තව..ඒවායේ
අත පිසදම කඩදාසියක වටිනාකම
උන් විසිකරවා ඒකත්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
දියවන්නා හොරු සමග රටටම
විකුනනව කුඩු
උබලාගේ අය්යාලා අක්කාලා
වියදම් කරලා ගන්නවා පැකට්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
නිදස් අධ්‍යාපනය ගැන පිකට් කරපු
කැම්පස් අය්යලා ,අක්කලා
එලියට ඇවිත්
දොස්තරලා - බෙහෙත් සමාගම්වලින්
ඉංජිනේරුවෝ- කොන්ත්‍රාත් කරුවන්ගෙන්
ගන්කාධිකරුවන් - සමාගම් වලින්
විදුහල් පතිවරු -දෙම්ව්පියන්ගෙන්
ගන්නවා සන්තොසම් සහ තව දෙවල්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
කිරම ඔයේ පලා නෙලලා
අම්මා ලග නැති නිසා
සොයාගන්න ගිහින් ජිවිතය දුන්නා
ඉස්කොලේ ඔනකමට
කාටවත් නොවටින 
නුබට මහ මෙරක් වුන
ඒ පුංචි රුපියල් පනහ...........



No comments:

Post a Comment