සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, February 1, 2020

මුහුණු පොතේ ලියු 26 වසරකට පෙර මතකය .

මේ දවස්වල පාසල් වල නිවාසාන්තර තරග තියෙනවා .අපේ මතකයක් මේ සමග ලියන්නම් .මේ 1994 අවුරුද්දේ අපේ පාසලේ නිවාසාන්තර උත්සවයේ අන්තිම දවසේ ගනිපු පොටෝ එක.මේක ගත්තේ විරාජ් අය්යාට ස්තුතියි .මම කරපු අන්තිම The scouting salute එක එතනින් පස්සේ මම සමුහ බාලදක්ෂ නායකත්වයේ සමු ගත්තා .මේ ඉන්න සහෝදරයින් මට මතකයි මෙතන ඉන්න එක මල්ලි කෙනෙක් ඊ ලග මාස 2 කින් පස්සේ වස බිලා මිය ගියා මට තාම මතකයි ලස්සනට හිනාවෙන මල්ලි ඉස්සරහ පේලියේ වාඩි වෙලා ඉන්න අයගෙන් 3 වෙනියා ,නම ප්‍රදීප් කියලා මතකයි.ගම පරදුව .මේ මතකයට අවුරුදු 26 ක් වෙනවා.ඉස්සර අපේ සපෝට් මිට එකේ 13/15/17 පහල හැමදාම චැම්පියන් වුනේ අපේ ශ්‍රියානි ,ඒ වගේම කුමාරි මානෙල් ,අපේ අතරින් වෙන් වුන අශෝක අමතක කරන්න බැහැ ,අපේ අශෝකට ඒ දවස්වල් කිව්වේ කාල් ලුවිස් කියලා දුවන්න ඒ තරම දක්ෂයි .මේ දවස් වෙන කොට නෙරන්ජ සහෝදරයා(නාවික ඉංජිනේරු ) අපේ පාසලෙන් වෙන් වෙලා හිටියත් බාලදක්ෂ වැඩ වලදී මට උදව් කළා එක අමතක කරන්න බැහැ .මෙතන ඉන්න මේජර් අලවත්ත (රනිල් මල්ලි ),ජපුරේ කථිකාචාර්ය Dr .දුශාන් (දුශාන් මල්ලි ) ,අපේ රථවාහන පොලිස් පරීක්ෂක තුමා ජගත් මල්ලි තවමත් ක්‍රියා කාරී බාලදක්ෂ කටයුතු කරනවා .තව ඉන්නවා විදුලි ඉංජිනේරු වෙක් වුන ශ්‍රී කුල මල්ලි ,මට අනෙක් මල්ලිලා ගැන මතකයි නම් මතක නැහැ .මට මතකයි 1996 අවුරුද්දේ අපේ පාසලේ බාලදක්ෂ කණ්ඩායම ටිකක් නැවතුනා ,ඒ කලේ මෙතන ඉන්න එක මල්ලි කෙනක් අපේ ගෙදර ඇවිත් මට කිව්වා අය්යේ ඉස්කෝලේ පැත්තේ එන්න අපිට ලොකු පාළුවක් දැනෙනවා කියල ,මට ලොකු දුකක් ඇති වුනා එතකොට ,මගේ උසස් අධ්‍යපනය දමල එන්නත් බැහැ ,කොහොම හරි අපේ ප්‍රදීප් මල්ලි 2007 දී අපි ගෙන්වලා උපහාර උළෙලක් කරන කොට මට පුදුම සතුටක් දැනුනා ,මම ඉගෙන ගනිපු පාසලෙන්ම උපහාරයක් දීපු එක ගැන .ප්‍රදීප් මල්ලිට ගොඩක් ස්තුතියි ඒ උපහාරයට .විස්තර දන්නේ නැහැ නොලිව්ව්ට තරහ වෙන්න එපා .මතක තියෙන අය කොමෙන්ට කරන්න .මේ අපේ ක්‍රීඩා උත්සව වල ක්‍රිකට් මැච් ගැන කතා නොකර බැහැ මොකද දිලාන් සහෝදරයා මතක් වෙනවා ,ඉස්සර ජයවර්ධන මිස්ගේ (අපේ ප්‍රභාත්ගේ අම්මා ) ශිෂ්‍යත්ව පන්තියේ මහ දවල් කුරුදු ඉඩමේ ක්‍රිකට් ගහපු හැටි මතක් වෙනවා ,ඒ වගේම සුජිත් ,මහේෂ් ,සුජීව (තොරතුරක් නැහැ ) ,අප අතරින් වෙන්වුන සංජය ,ආසිරි මතක් වෙනවා .අපේ සුභාෂ් ,දිමුත් කැඩෙට් කණ්ඩායම අමතක කරන්න බැහැ .සුභාෂ් හිටියේ අනුර නිවාසේද කොහෙද ,මමයි දිලානුයි හිටියේ මස් කඩේ .මට මතකයි .අපි ක්‍රිකට් වලින් දිනුව දිලාන්ගේ වෙර විරිය නිසා .කොහොම හරි කෑ ගහලා දිලාන් එක ගොඩ දාලා දුන්න .කොහේ දිනන්නද අනෙක් ඒවා අර විජිත නිවාසේ හොදම උන් ටික ඉන්නකන් උන් හැමදාම එක නේ .මට අමතක ඔයාලගේ මතකයන් ලියන්න .

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මැරුුණ ප්‍රදීප් අපේ පන්තියේ. සුනදර විනෝදකාමී යාලුවෙක්ත

    ReplyDelete