සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Tuesday, September 4, 2012

පලා බබාගේ නැලවිලි ගීතය...............



ගිනි මද්දහනේ ලයිට් දමාගෙන

අත දමාගෙන කෑ ගසාගෙන

රථ පිරිවරින් ගිය ප්‍රභූ පියාගේ

පුතාටත් ඒ මගම යන්නට

ගහමු අපි කතිරය තවත් පාරක්...................

වැව්තාවුල්ලේ හෝටල් සාදා

වතුර බස්සවා වගා පාළු කොට

අපි පාරට බස්සපු ඒ තුමාගේ

සහෝදරයාට කතිරය ගහමු යලිත්

යන්නට මැති සබයට............

ලෝක බැංකුවෙන් ආසියා බැංකුවෙන්

ණය අරගන්නට ජොගි නටන්නට

අපිත් අපේ හත්මුතු පරම්පරාවත්

ණයකාරයන් කරපු එතුමාගේ බිරිදටත්

ඒ මග යන්නට ගහමු අපි කතිරය තවත් පාරක්...................

කුඩා දැරියන් බිල්ලට ගත්

ගමපුරා වයින් ස්ටොර්ස් ඇරිය

වන සෙන්සුනේ ගස් කැපු,පිලිම කැඩු

ඒ ප්‍රාදේශීය නායක තුමා

කරමු අපි කතිරය ගසා පලා බබෙක්ව

උන්ට ජය වෙවා !

අපිට මොනවා උනත්............ 



Sunday, January 15, 2012

වෙන් නොවී දිනා ගමු...සියල්ල...


කිරි දත් වැටුනත් අයිතිය අපටමයි පුතේ
බඩගින්න හා දැනුම ජාති භේදය අබිභවා යයි
අපි එකතු වි පන්නමු මුන් රැලම
දිනාගමු අපේ පොදු සියලු අයිතීන්
එකම කොඩියක් යට
සැමට සෙවය කිරීමට
දෙපස තුන්පසම ඇත
පාවා දෙන්නන් හොරුන් සිගාලයන්

Saturday, September 17, 2011

ආශ්චර්යමත් නිදහස

කිංසි පාරේ හොස්ටල් එක
දකින කොට.......
පුංචි බොරැල්ලේ පටු මාවත් දිගේ
පරන ගොඩනැගිලි අතරින්
උදේ හවස යනකොට
සිහිවෙනවා ඒ ප්රානවත් නුබ රුව
දුක හිතෙන්වා ජීවත් වීම ගැන
මෙවා දකින්නට
ඇල් මැරුනු පී.එම්.සී විරෝධී පොස්ටර් මැද
ලැප්ටොප් වල ෆේස් බුක් යන
සෙල් පොන් වල තනිවුන
ආශ්චර්යයේ නංගිලා මල්ලීලා
විවෙක කාලයට විතරක්
ලිප්ටන් ගිහිල්ලා පැයක් කෑ ගහලා
අයිමත් තනිවෙලා......
මාලබේ හුබහේ බල්ලෙක් මුරට දමල
ඌ ලවක් දෙවක් නැතිව
මුදලාලී බේර ගන්න බුරනවා
හිරේ ගියත් ලැජ්ජාවක් නෑ
නිදහස් අධ්යාපනය කොහිද?

Saturday, August 13, 2011

මතකය

නුබට මතක නැතුවත් ඇති
මගේ මතකයේ තව ඇති
පොත් පෙටිටිය ඇතුලෙ තිබුන
පරන ගණිත පොතක් ඇතුලේ
නුබේ පුංච් අත් අකුරින්
ලියා තිබුන සටහන් වැකි
අරන් ගියා මං ඈතට......

රිදී ඉර

වැහි අදුරේ රිදී ඉරකුත්
රලු පවනක සිසිලකුත්
මනුෂත්වට අරුතකුත්
ජාතිවාදයට කනේ පහරකුත්
අයුක්තියට යුක්තියත්
සැමදා නොමීයන මතකයකුත්
අමතක කල නොහැකිය
සොයුරනේ.........
මුන් අප රිදවන සෑම විටම
මතකය අලුත්කරමින්
ලබාදෙන ජීව ශක්තිය
ඉකි බිදින පරපුරක
අරුණැල්ලට
පලමු රිවිකිරනයි.......
සදා සමරමු
හද බැතින්

Monday, May 23, 2011


ආදරෙන් කුල් මතින්
මල් සලා අතු මතින්
පවන් සැලුවා....
සෙවන ගස කපා
ගිනිදමා කොටන් කර
නගරයට විකිනුවා
හැර ගියා ........
නමු එක පුංචි
පොඩි මුදුන් මුලක්
දැන් හැදෙන්වා
චුටීට සෙවන දෙන්නට
විනාශ කරන්න එපා
ගහ වද වෙලා යාවී
ඔයාටම විතරයි සෙවන දෙන්නේ
මුල් ,පොතු,අතු,ගෙඩි
හැම දෙයක්ම
ඔයාටමයි...
"ජීවිතය සුන්දර වන්නේ කොහොමද මට හිතා ගනන බෑ ,ඉලන්දාරියා මිය ගිහින් සයිබර් අවකාශයේ නොදුටු සොයුරානෙනි! නිවන් සුව ලැබේවා පතමි නෙත රැදි කදුලින්....."

Saturday, April 30, 2011

අම්මාට බය කු + මාරයා

gorki

අනේ ගොර්කී ,
ආන්න අර සෙලලකාර රාජ කුමාරයා
පාවෙල් ව්ලාස්ව්ට,
නීල්ව්නාට
බය වෙලා
තව ටික දවසකින්
ගම්පෙරලියත්
තහනම් කරාවී...........
..

Thursday, March 31, 2011

ප්රවභූ ආරක්ශාව


අටපාස් මුර බටයන් පිරිවරා ගත්
පහ පාස් ඇමතියා
දහය පාස් මා කානුවකට දමමින්
දියවන්නාවෙන් එතෙර විය......