සාම්පල අරන් වැල මිට ලගින් නවා
කොළ වල ලියපු අකුරින් ඇස් උඩට ගියා
මේ වගේ පරීක්ෂණ නුබටත් කරයි කියා
පන්සල් බෝමළුවේ කී කව් සුළගේ ගියා .......
පහේ පන්තියෙන් නුබ ගම ඇතුලේ තියා
අග නගරයේ පාසලේ මං ඉහලා ගියා
මේ වෙද නලාවට පපුවේ හඩ පුපුරා
සුහුබුල් පෙමක සිත ගැලවී ඉගිල ගියා ..
ගොවිතැන් කරන කිරි කපනා අම්මාගේ
දියණිය නුබයි මම නොගියපු ඒ පාරේ
මාගන්ධියා ,සිරිමා ගැන ඇහු කාලේ
නුබ මේ ලෙසට ඇයි මා හමුවට ආවේ ....
හඩන්නට කදුළු නැති ඔය ඇස් දෙකට
මම පෙම් කලෙමි මල් වයසේ පෙර සිටම
යා දෙක නොරත රත පෑහිමක්ම නැත
මිනිසත් කමට ඒ දේවල් මතක නැත ........
සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Wednesday, September 22, 2021
මිනිසත් කමට ඒ දේවල් මතක නැත ........
Subscribe to:
Post Comments (Atom)
එක දිගටම ලියල ද නැත්තං සිව්පද ආකෘතියට ලියලද. කන්ෆියුස්ඩ් වුණා ටිකක්
ReplyDeleteඇත්තටම එක දිගටම ලියවුනා .ගොඩක් ස්තුතියි ප්රතිචාරයට
ReplyDelete