සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, December 11, 2010

.....සැදැවත් කුල කාන්තාව......

සුදු පිරුවට අදිනා
හතර පොයටම පන්සල් යනෙනා
ඩෙවිට් සීයාගේ නිත්යානුකූල වුද
සයිමන් මුත්තාගේ
ගමේ රාලහාමිගේ
අනියම් වූද..........
ඒ දවස්වල එල කෑල්ලක් යයි
කඩේ සමන් අය්යා කියු
ලොකු හාමුදුරුවෝ බනට
බුදුන් සිහිකරනවිට
මහ හඩින් සාදුකාර දෙන
සමුපෙ පොලිමෙ රංඩු කරනා…………
පොල් අත්තට ගෙඩියට මර හඩ දෙන
පොලට ගිය විට බඩු හෙට්ටු කරනා
මහ ගෙදර ,ප්‍රවීනා නොවරදා බලන
ආන්ඩුවෙ ප්‍රවෘත්ති විශ්වාශ කරන
.........මහත්තයාට ච්න්දය දී
කඩෙට ගිය විට බඩු මිල අසා
අම්බානක බනින
ගමේ සියලු තොරතුරු දන්නා
සියලු රහස් හෙලිකරනා
දැනට අසුවිය සපුරන
ගොක් කොල සුදු කොඩි
බලමින් සිටින………
නිවන් යන්නට පහසු මං හොයන
මහ ඉඩමට පන මෙන් ආදරය කරන
මැරෙන්නට මර බය ඇති
සද්ගුනවත් සමකාමී
උපාසිකා මාතාව
දෝන කරලැයින් කුසුමාසන
උපාසකම්මා......

Thursday, December 9, 2010

.......අකුරේ නිදහසට පැයූ තරු..................


වැහි අදුරේ රිදී ඉරකුත්
රලු පවනක සිසිලකුත්
මනුෂත්වට අරුතකුත්
ජාතිවාදයට කනේ පහරකුත්
අයුක්තියට යුක්තියත්
සැමදා නොමීයන මතකයකුත්
අමතක කල නොහැකිය
සොයුරනේ.........
මුන් අප රිදවන සෑම විටම
මතකය අලුත්කරමින්
ලබාදෙන ජීව ශක්තිය
ඉකි බිදින පරපුරක
අරුණැල්ලට
පලමු රිවිකිරනයි.......
සදා සමරමු
හද බැතින්

Friday, November 26, 2010

පෝයට පායන සද දුටු විට
උදේට පිපෙනා හිරු දුටු විට
මා හැරගිය
නුඹ සිහිවනවා
අනේ ඉතිං......
නුබටත් මටත්
එකම විදියට
ඉර හද පායනවා
නෙවෙද?......

..විනිවිද..
අනේ දුෂේයින්,
මම
නුබ
උනානම්
නෑ
මෙහෙම දුකක්

----විනිවිද----

……….ගන්න අපේ දේ................

ඉරු නිදන විට ,ඉරු නැගිටින විට
හතර පොයටත්,පුල් මූන් පොයදාටත් නොවසන
හරියට කාර්ගිල්ස් ෆුඩ් සිටි එකවාගේ ඇති
බාල ....ආ වැරදුනා යන්නේ නෑ නෙව……………
මහලු තරුන පිරිමි පමනක් යන
කැකිල්ල ගාලේ සගවා දෙන අමුර්තය
හුදී ජන පහන් සුව පිනිස
ගන්කන්දේ ,යහලමුල්ලේ,
ඔගස්පේ රජගෙවතිතේ
ඉදුරුකාවේ බඩවැටි
ලදු කැලෑ වල ඇති………….
කලු පුතා ,හිච්චි පුතා,රොබරි පොඩ්ඩා
පොඩි මල්ලී,පොල් රංජී,
පැන්ටිස් අයියා,බෙන සරත්
ආදී සාමාජිකයන් ගෙන් සැදුම් ලත්
උක්කුන් ඇය්යාගේ අදීක්ෂනයෙන්
සැන්ඩා මල්ලී වෘත්තීය පුහුනුව ලැබූ
පගාව වෙලාවට නොලැබුන විට
පොලොසියෙන් පනිනා
වැටවල් කඩාගෙන,කට්ටිය දුවනා
ෆොමන් අය්යාගේ කසිප්පු පොල..................

Sunday, October 24, 2010

මුන්ගේ සහ උන්ගේ ලස්සන

අනේ මුන්
බොරු කියන ලස්සන
බොරු කරන ලස්සන
අනේ උන්
බොරු අහන ලස්සන
විශ්වාස කරන ලස්සන
ඒ බොරු අහල උන්ට චන්දය දීලා
දුක් විදින ලස්සන
දුක් විදින ගමන් ලැජ්ජා නැතුව
උන්ටම කඩේ යන ලස්සන

Monday, September 27, 2010

Monday, August 9, 2010

තාත්තාගේ තේ කඩය....

පොල් අතු හෙවිල්ලු
උදේ පටන් ඇදිරි වැටෙනකන්
බොයිලේරුව රත්වු
කහට කෝපී කිරි තේ
රසකැවිලි පිරීගිය........
පොල් කඩන්නන්,මාලු කාරයන්
තුන් රෝද රථ හිමියන් ,තැරැව් කරුවන්
මහල්ලන් ,කුඩා දරුවන්
රක්ෂණ නියෝජිතයන්,ගස් ඉරන්නන්
ලොකු සමාගම් කලමනාකරුවන්
කාඩ් බඩු විකුන්නන්
හොරුන්, මහත්වරුන්, උපාසකයන්
ගමේ කෙල්ලන් ගැන විස්තර හෙවු
කොල්ලන්.........
නිතර ආ ගිය කෙලිකවට
සිනා පිරී ඉතුරුන
ලෝක ප්‍රශ්න තෙල් ප්‍රශ්න
ඇමරිකාව ඉරාකයට පහරදීම
උතුරේ ජනවාර්ගික අර්බුදයට විසදුම්
ආන්ඩු  ඇල්ලු හැටි
ආන්ඩු පෙල්ලු හැටි
කතා වුන තර්ක කල……..
මහාචාර්යවරුන් ,සමාජ විද්වතුන්
නොදුටු නොඇසු......
තාත්තාගේ තේ කඩය
ලැලී පලු වලින් වසා ඇත
මියෙන්නට පෙර තාත්තා
වසා ගිය පරිදිම.....
බලා සිටී පාලු වී ගිය
ලැබීම හන්දිය දෙස…….
පරන මිතුරන් යති
කඩය දෙස බලා තාත්තා සිහි කර
අතීතය සිහිවී මදක් තුටු වී
තාත්තා නැතිබව දැන
ඇති කරගත් දුකින් සිත පුරවාලු
හැල්මේ යති පෙර පරිදි
නොනැවතී....
වි‍යැකී ඇත ඒ කුඩා
සිවිල් සමාජය
යුගයකින් යුගයකට කාලය
ගෙවී යන අරුමය.......

Sunday, August 8, 2010

.......ව්ශ්ව විද්යාල්යේ උප කුලපති තැන්පත් කුප්‍රකට මහාචාර්ය තුමා………………..

උතුමා ගැන පත්තරේට
 ලියුව නිසා.............
වාහිනී චැනල් වලට
සාකච්ඡා දුන් නිසා
ගුවනින් ජනතාවට
එ තුමා ගැන  කිව්ව නිසා.....
මාගේ සේවා කාලය
දික් කොට මාව
උපකුලපති කරවා ලු
මට ශිෂ්‍ය අයිතින් ගැන
ඒ හැටි දැනීමක් නැත......