සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Saturday, October 30, 2021

ඉස්සර බැදී පෙම

රුපියල්  දෙකේ කාසි ගොඩක් ගෙන දෝතින්

ඉස්පිරිතාලේ බොක්ස් පෝලිම ලග සිටිමින්  

පෝලිමේ ඉදන් අමතා ඔබ වෙත සතුටින් 

රැක ගත්  මගේ ප්‍රේමය අද කොහෙද ඉතිං ....


වටස් ඇප් ටච් පොන් නොතිබුනඒකාලේ 

                                         බයිසිකලෙන් මා ඔබ සෙව්වා  රිසි සේ 

සුන්දර හැගුම් මතකයි මට පෙර දවසේ 

නුබටත් මතක ඇති යයි සිතුනා මෙලෙසේ ......


ලියුමක් ලියා පොත ඇතුලේ දමා ගෙන 

                                       හදවත ආදරෙන් පුරවා බලාගෙන 

නුබ දුන් පිළිතුරට මම හිත හදා ගෙන 

මගේ ආදරේ කොහි ඉගිලී ගියේ අද ........



.

7 comments:

  1. ස්තුතියි !ශක්තියක් ඔබේ ප්‍රතිචාරය

    ReplyDelete
  2. අපූරුයි... ජය.. ❤️

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !ඔබට ශක්තියක් මෙය

      Delete
  3. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  4. ස්තුතියි එකතු කිරීම ගැන .උපරිම සහයෝගය ලබා දෙමි ඔබේ සින්ඩියට

    ReplyDelete