සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, October 9, 2016

අපේ හාදයෝ තව මාතර ඇත............

කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියවීලා.............
බීච් මාවතේ සුදු වැලි අතරේ 
අපගේ ඉපැරනි පියසටහන් ඇත

සුදර්ශියේ කෙටි තාප්ප අතරේ
අපේ කථාවෙ කෙටි පටුනක් ඇත
කුලගෙය බැලුවා සත්‍යා දුටුවා
නිව් සිනමා බිම දෙඩූ කතා බහ
එනමුදු එදවස් සගවනු නොහැකිය
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ.......


Sunday, September 25, 2016

BMICH ආතල්






ප්‍රකාශකයින් සවලෙන් මැන මැන
හිනැහෙන .........
කතුවරුන් ඇගිලි තුඩින් ගැන ගැන
සුසුම්ලන ...............
ජනයා පොකට් දෙස බලන
සුද්දො පොත් බලන්නට නොඑන
ඒ වුනාට ජාත්‍යන්තර .....
ක්ෂනික නුල්ඩස්, බීම විකිනෙන
2016 පැවති BMICH ආතල් එක
අද නිමාවන වගයි.

Saturday, September 17, 2016

ගුරු සින්දුව




නාවුල අධ්‍යාපන කලාපේ
පාසල්නොයන ළමයි ගොඩයි......
පොත් පෑන් ඇදුම් ගන්න සල්ලි නෑ
BMICH ආපු
මානව හිතවාදියෝගුරු ගීතය හොයනවා
කියවලා හොටු පෙරගෙන අඩන්න
අනේ අපොයි !

Sunday, August 21, 2016

ආදර්ශය

ඉරටත් කලියෙන් පාසලට ගිය

පේලී සැදි සුදු කොකුන් අතරේ

කන කොකෙක් නොව සුදුම සුදු වී

මල් පුදා පන්සිල් රැකිය ඒ .................

සදාදර හොද දරුවා සැමගේ

සමත්වී ලොකු තරග විභාග

ලැබ සම්මාන කිතු ගොස

ඩිරෙක්ටර්,ලේඛම්,අධිපති ,කුල පති

කොමසාරිස් අදී තව එකී නොකී රැස්වලලු.............

අසුරු කරමින් එජන්තයින් ,උප්පරවැට්ටිකරුවන්

දේශාපාලුවන් ,කැනහිලුන්,හොර උපාසකයින් 

ගහන්වා විස්කි ,බ්‍රැන්ඩි,වොඩ්කා  සමග බබකියු

කඩමින් පන්සිල් පද .....................

රිoගනවා නෙක තරු ගුබ්බැයම්වල

කියනවා ටොම් පච

සති අන්තයේ ගමට පැමින

උපහාර උලෙලට ............

දෙනවා පොර ටෝක් රිoගා 

රූප නාලිකා වල ඇට්ටි හැලෙන්න 

යනවා අධ්‍යයන චාරිකා මහජන මුදලින්

බහිනවා එනගමන් තයිලන්ත්යේ

යනවා පතායෝ කැඩුමට

තෙවන සිල්පදය

හොරෙන් චෙක් කරනවා එච්.අයි.වී

වී.ඩී.ආර්.එල්

මවුන්ට් එලිසබෙත්

සිoග්ගප්පූරුවෙදී...............

ගමෙ අම්මලා දරුවන්ට පෙන්වනවා

අන්න ආදර්ශයට ගනිල්ල

චරිත....................

තමලිනී අක්කා



බිදුනු තල් ගස යට
නොදැමුනුන නුබේ සිත
නිවුන විට රුදුරු ගිනි
වැටහුනා නෙවද කරුම
උරුම කරවුවන් හා උරුමය...........

හැදින මනුසත්කම්
නුබේ ගත යටි සිත
අවදිකර ලියූ පෙම් පත
කොතරම් සුන්දරද
තියුනු අසිපතක සෙවන යට ..............


Saturday, July 30, 2016

මනුස්සකමලු

නගරේ සීතල කාමරේ සිට
කැරකෙනා පටුවෙ සැපක්ගෙන
නේක  රටවල ප්‍රොජෙක්ට් අරගෙන
ගමෙ සම්පත් මිල මුදල් කොට
සාක්කුව පුරවා තුටින් සිට
ගමට දුප්පත්කම උරුම කොට................
ගමේ දරුවන් පාරටම කොට
මගේ දරුවන් රජ පැටවු කොට
ව්ශ්‍රාම ලැබ උපදේශ ලෙස
ප්‍රජා සේවා බෝඩ් ගහගෙන
යානවාහන පිරිවරාගෙන .............................
ගමට යනවා කදුලු පෙරමින්
සිoහ වෙස් ගත් කපටි නරි රැල
හරිම අනුකම්පාවෙන්
ඒකටත් කියන්නෙ
"මනුස්සකමලු"

Tuesday, June 28, 2016

කාලා කරුවා




ප්‍රශක්තී නොකියවන 
වන්දිභට්ටිකම් නොකරන 
දිලිදුකම පීඩනය
ගසා සූරා කෑම
වoචාව දූෂණය
මිනිසුන්ට ලියාදෙන
කියාදෙන මිනිසා 
දුප්පතෙකි සැමදාම ...................
රජුන් හට ගී ගයන 
මැතියන්ට කවි ලියන
රෙදි නැතිව කඩේ යන
බුදුන්ටත් රජු අන්දන
රජා සක්විති කරන 
ජාන මෙහෙයුම් කරන
සැනකෙලියේ රස බලන
ජාතියට වින කරන .............................
වැඩියෙන්ම ණය ගිලින
පුoචි තිරයේ ඉදන්
අමුලික පච කෙලින
ඉතිහාසයේ හොරා කන 
කම්බ හොර තට්ටයින්
කාල කරුවන් නෙවද ? .................

Sunday, June 26, 2016

පත්තිනි.





මහත්තය රට ඉන්න ශ්‍රියානි අක්කා
අහවල් කොම්පැනියේ 
ඩිරෙක්ටර් ලොක්කා එක්ක
බාගේ නිවාඩු දමලා
අද ගියානෙව 
බලන්න බයිස්කොප් එකක්
ඒකේ නම "පත්තිනි"

Sunday, June 19, 2016

ප්‍රයිවට් ප්‍රැක්ටිස්


















සමරනායක දොස්තර මහත්තයා 
චැනල් වලමයි ඉන්නෙ ටවුමෙ තියන 
හැම වෙලාවෙම 
ඉස්පිරිතාලෙ නැතිනිසා 
අපි යන්නෙ චැනල්වලටමයි 
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
විද්‍යාව උගන්වන අරියරත්න මහත්තයා
උගන්වන වෙලාවෙ පාසලෙත් නැහැ
හන්දියෙ මඩුවෙ උගන්වනවා 
යන්නෙ හයිබ්‍රිඩ් එකකින් 
නෝපේත් ගිහින් අධ්‍යක්ෂ වුනා
ඒක ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
M.L.T.සුමනසිරි උදේට එකතුකරපු 
ලේ සාම්පල් ටික ඉස්පිරිතාලෙන් කරලා
හවසට රිපොට් දෙනවා 
එනකොට  හොරෙන් රිජන්ට් හෙමත් ගේනවා 
බැලු වෙලවක් ඇත්නම් 
හන්දියෙ ලැබ් එකේ
ඒකත්  ප්‍රයිවට් ප්‍රැක්ටිස් 
කිසි ප්‍රශ්නයක් නැහැ................
ඉතිo අනේ 
පොලොසියෙ ලොක්කෙක් වෙච්ච
වාස් මහත්තයා ප්‍රයිවට් ප්‍රැක්ටිස්  නිසා
මහ උලු ගෙදර ගියා 
එතන නම් ප්‍රශ්නයක්............





Saturday, May 28, 2016

මාලන්


යුගාන්තයේ
තාත්තාගේ ෆැක්ටරියේ
මිනිසුන්ගේ හඬ...............
යශොරාවයේ අම්මාට
කුස්සියට ගිහින්
ඇත්තම කියපු හඬ.......
ඉoග්‍රිසි කතාකලත්
ෆොටො ගහන්නටවත්
ගෙදර ෆුල් කිට් නොතිබුණ
වලව් වල මාලිගාව
මඩ සොදා හුනු පිරියම්
නොකරපු.............
කුඩු ,ගනිකා ,රන් හොරුන්ගේ
නාලිකා වල වලo නොසේදූ
පත්තර සිරස්තල කියවා
බැoකු ගිනුම් තර කර නොගත්.........
කොරළ වැල්ලෙන් නිහඬ කල
නිර්දොශී මිනිසුන්ගේ
අවoක එකම හඬ
නිදස්ම නිදහස් මාධ්‍ය වෙදීන්ගේ
හඬ..........................

ආදරනීය රිච්ඩ් අයියා............