සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Wednesday, November 25, 2015

පරන පත්තර කෑල්ලක සොදුරු කතාවක්."වසුන්දරා"



සරසවියෙන් පිට වුණාට පස්සේ මම ඉතාම ඈත පිටිසර ඉස්කෝලෙක ඉගැන්නුව. මම ඉස්කෝලෙ ඒ උගන්වන්න ගියේ ඉතා කැමැත්තෙන්. ඉස්කෝලෙට, වටපිටාවට එහි ඉගෙනගත් පුංචි උන්ට ආදරය කළා. ඒත් කාලෙ මගේ හිතේ තදින්ම ඇදුනෙ දෙයක් හින්ද.
"
මොකක්ද?”
ඒක දැඩි සංවේදි කතාවක්, ඇත්තම කිව්වොත් මම ඉස්සෙල්ලම මගේ හිතේ ආදරය කියන හැඟීමක් ඇති වුණේ කාලෙ.

අපි කැමැතියි ඒක අහන්න””
හැබැයි ඔය ගොල්ල හිතන ආදරයක් ගැන කතාවක් නෙවි ඒක. ටිකක් වෙලා අහගෙන ඉන්න කොට එපා වේවි.”
නෑ කියන්නකො අපි අහගෙන ඉන්නම්
ඉස්කෝලෙ තිබුණෙ තණමල්විල පැත්තෙ”. පුංචි කැලෑබද ඉස්කෝලයක්. දෙපැත්තෙම කටු පඳුරු ඇති මැටි සහිත පාරක් දිගේ උදේ හවස මං ගමන් කළා මතකයි. මාත් එක්ක ගුරුවරු තුන් දෙනයි.

රවිශංඛත් එයින් එක් කෙනෙක් , ගණිතය ඉගැන්වුවේ, ඒත් මිනිහට තිබුණෙ කලාකාරයෙකුගෙ හැඩ රුව. කතාව ටිකයි.ගමන සන්සුන්. හුඟාක් පොත්පත් කියෙව්ව. එයා හුඟාක් දේවල් ගැඹුරට දැනගෙන හිටියා. පොඩි උන්ට පණ වගේ ආදරය කළ බව මතකයි. දුප්පත් පැටව් වෙනුවෙන් එයාගෙ මුළු පඩියම වුණත් වියදම් කරන්න පසුබට වුණේ නෑ.

අනිත් අය එයාට ඊර්ෂ්යා කරන්න ඇති
අනේ නෑ. වගේ දේවල් පිටිසර ඉස්කෝලවල අඩුයි. කවුරුත් සහෝදරත්වයෙන් හිටියෙ. රවි අතේ සතේ නැති වුණත් කටක් ඇරල වග කිව්වෙ නෑ. ඒත් අපි කවුරුත් මොනව හරි ඉස්කෝලෙට ගෙනැල්ල එකට කෑව. කාගෙත් කුසගිනි නිවුණේ කව්පි ටිකකින්, මිරිසකුත් එක්ක ලැබුණු මයියොක්කා ටිකකින්.

හරිම අහිංසක සන්තෝෂයක්,

 

ඔව් කටුක බව තුළත් මිහිරක් තිබුණා. අපි හරියට දුප්පත් දරුවන්ට උදව් වුණා. උන් හරිම අහිංසකයි. වැඩි හරියක් හේන් ගොවියන්ගෙ දරුවො. උදේට කාල නෙවි ඉස්කෝලෙ එන්නෙ. ඒත් උන් කවදාවත් කලාන්ත වෙලා වැටුණෙ නැහැ හිත්වල දැඩි ගතියක් උන්ට තිබුණ ලොකු මහත්තයගෙ වේවැල් පාර කාපු වෙලාවලත් උන් එකෙක් කඳුළු බිඳුවක් හෙළුවේ නෑ.

හරිම හයිය කොලු පැවො.

 

මට මැවිල පේනවඔව් උන් දැක්කම ඕනම හදවතක් මුදු වෙලා යනව, උන් එක්ක කතා බහ කරනකොට කවුරුහරි හදවත පිරිමදිනව වගේ දැනෙන්නෙ. හරිම විවෘත බවක් උන් ළඟ තියෙන්නෙ. ඉස්කෝලෙ ඇරිල යනකම්ම කුකුළු පැටව් වගේ අපි ළඟ කැරකි හිටිය. ඔන්න මට මතක් වුණා.

මොකක්ද?”

අපි දවසක් විනෝද ගමනක් ගිය. ඉස්කෝලෙ පුංචි පැටව් එක්ක අපි ගියා උඩවලවේ කැලේට අලි බලන්න.

පොඩි ඈයොන්ගෙ සතුට දෝරෙ ගලන්න ඇති?

අපොයි ඔව්, කියල වැඩක් නෑ. ගමන ගැන. කිව්ව වෙලෙ ඉඳල උන් හිටියෙ කඩි කුලප්පුවෙන්. අපි ගියෙ පොඩි ලොරියක. ලොරියක් කිව්වට ඒකෙ වටේ දැල් ගහල වාඩි වෙන්න බංකු තියල තිබුණ. ඒත් මම ගමන ගැන නෙවි කියන්න හැදුවෙ.

එහෙනම්  මොකක් ගැනද?”

රවිශංඛ ගැන. මම කිව්වනෙ එයා අමුතු කෙනෙක් කියල. කාලෙක ඉඳල මගේ හිතේ එයා ගැන පුංචිපහේ ලෙන්ගතු කමක් ලියලමින් තිබුණ. එදා රාත්රියේ අපි නැවතුනේ උඩවලවේ වනෝද්යානයේ තිඹිරිමංකඩ කියන කැලෑ බංගලාවෙ. ඒක තිබුණෙ ඇතුළු වන දොරටුවෙ ඉඳල කිලෝ මීටර් 10 ක් විතර කැලෑව මැද්දෙ. හරිම ලස්සන ශාන්ත තැනක්. උඩවලවේ ජලාශයෙන් කොටසක් මුළු බංගලාව වටේටම විහිදිල තිබුණා.

හඳ පාය ආව වීර, පළු ගස්වලට උඩින් විශාල ඇස්වට්ටියක් වගේ. හඳ එළිය රිදී සළු පටක් වගේ ජලාශය මත සෙමින් වැතිරුණ. මුළු පළාතමු නිහඬයි. ඉඳල හිටල වතුර සෙලවෙන ශබ්ද ආව. මිනිස්සු කිව්ව මේ වෙලාවට ඇත්තු කුළු හරක් වතුරට බහිතව කියල

රවිශංඛ කැලෑ බංගලාව ළඟ තිබූ පලු ගහයට වාඩි වෙලා සිටිය. අපි හුඟාක් දේවල් කතා කළා. ලෝකය ගැන, ජීවිතය ගැන, දුප්පත්කම ගැන, මිනිස්සු විඳින වද වේදනා ගැන කාලෙක ඉඳ හිතේ ගුලි ගහ ගෙන හිටපු දේත් මම කිව්ව. රවිශංඛ මගේ මුහුණ බැලුව.

            අපි ඒකට තාම සූදානම් මදි වසුන්දරා. මගේ හිත වැහුණු පෙට්ටගමක් වගේ.” ඔහු කීවේ බොහොම බැරෑරුම් විදියට.

 

"ඒ පෙට්ටගම ණික්වලින් පුරවන්න මැණික් ඕනමම දන්නව. ඔයාගෙ හිතේ ලොකු හිඩැසක් තියෙනව. හැම වේලෙම හිඩැස ඔයා වේදනාවට පත් කරනව.”

 

"ඒක ඇත්ත. ඒත් වසුන්දරා ආදරය වගේ දේවලින් හිඩැස පුරවන්න මම ලෑස්ති නෑ. දුක් විඳින මේ දරුවන් වෙනුවෙන් මොකක් හරි දෙයක් මේ ජීවිත කාලෙදි මට කරන්න තියෙනව. ඵ් පරිත්‍යාගයෙන් මගේ හිඩැස පිරවේවි.

මම නිහඩ වෙලා හිටියා නිශ්චලත්වය තුල බොහෝ දේවල් කියවුණ .මම අහලා තියෙනවා දෙවියන් කතා කරන්නේ මේ වගේ වෙලාවල කියලා .

වසුන්දරා කාලේ මට සමරු පොතක් තිබුණ.මගේ යාළුවෙක් එහි පිටුවක අපූරු කියමනක් සටහන් කරල තිබුණ මම හැරිල බැලුව ඔහු දිහා.එයා ලියල තිබුණ දුක් විඳින හා අසාධාරණයට බඳුන්වන මිනිසුන් වෙනුවෙන් ඔබේ දෑත් එසවේවා කියල. ලෝකෙන්ම මම කැමැති කියමන ඒකයි.ඒක මගේ හිත හැඟීමවලින් පුරවනව.

ඊට පස්සෙ?

 

ඊට පස්සෙ එච්චරයි. කාලය ගෙවී ගිය. අපි සාමාන්‍ය විධියට හිටිය අපි දුප්පත් පැටවුන් වෙනුවෙන් හුහාක් දේවල් කළහ.

 

ඊට පස්සෙ මොකද වුණේ?'

 

"රටේ කලබල ඇති වුණ කාලෙ එයා හිටි ගමන් අතුරුදන් වුණා. පස්සෙ දැන ගත්ත එයා කඳවුරක හිරකර ගෙන ඉන්න බව. කිසිම වරදක් නොකළ අහිංසකයව අවුරුදු ගාණක් වධකාගාරයක දාගෙන වධ දුන්න.

 

කෝ ඉතින් රවිශංඛ?"

 

එයා ඉන්නේ දැන් අපේ ගෙදර. මම එයාව බැන්ද හිරෙන් නිදහස් වෙලා ආවම මම එයාව භාර ගත්ත. එයා අතහරින්න පුළුවන් මිනිහෙක් නෙවි. රන් කඳක්. නිදහස් වෙලා ඇවිත් කලක් නිදහස් වෙලා ඇවිත් කලක් රෝහලේ හිටිය. එක් ඇහැක් ජෙන්නෙ නෑ. පිට පරාම පතුරු ගහපුව වගේ කැලැල් තියෙනව. කිසිම් ලිංගික සම්බන්ධකමක් පවත් වන්නට බෑ. ඒත් එයා මට වටිනව. ආදරය දුප්පතුන්ට දුන් මිනිහෙක්. එහෙම තවත් අය කොහේද මේ ලෝකෙ ඉන්නේ?



අනේ දෙවියනේ !



ලීලානන්ද වික්රමසිංහ

 

 

 

 

 

 

 

 

 











පාසල් නිල ලාන්ඡනය

අපේ පාසලේ බාල දක්ෂ කන්ඩායමේ ලොග් පොතේ අදින්න ඔන කරන පාසල් නිල ලාන්ඡනය මට ඇදල දුන්නේ සුදු අය්යා, මට ගොඩක් දෙවල් ඉගැන්නනුව අය්යාට ගොඩක් පින් මේක ඇන්දේ 1988 මම 8 වසරේ අය්යා 10 වසරේදි අය්යා ඒක පෑනෙන් ඇදලා දුන්නා වැඩි වෙලාවක් ගියේ නැහැ ෆොටොකොපි මැශින්,ග්‍රැෆික්,කැමරා නැති අපේ සරල පුංචි කාලේ මෙ ඇදපු සිතුවම කොතරම් වටිනවාද


ගුවන් මතකය

මම කාලයක් ගුවන්විදුලියේ රුහුණු සෙවයේ වැඩකලා 1997-99 මල් මල් වාරම්,තුරුණු සර (ඉරිදා 7.30 රාත්‍රි ප්‍රචාරය වුන වැඩසටහනක්)සුන්දර වැඩ සටහනක් සම්පත් අය්යා,රුවි අක්කා,අපේ නිශ්පාදක අශෝකා අක්කා මට මතකයි,අපට කාර්මික සහය රශාන් කොඩිතුවක්කු අය්යා,අජිත් අය්යා මතකයට එනවා ඒ දවස්වල තැපෑලෙන් අපට ආපු නිර්මාණයක් මගේ ලග තිබුනා.ලස්සන නිසා පලකලා

ගුරු උපහාරය


Sunday, November 8, 2015

හීන මතකය

පොල් අතු හෙවිලි කල
මැටි වරිච්චි බිත්ති වටකල
කලුවර කුස්සියේ දොරින් විත්
අඩි තුන හතරක් උස මම තරම්
මගේ පස්වැනි වියේ............
නලලට මුවතියා
උනුසුම්ව හාදු දුන්
වැන්ද විට හිස අත ගා 
හැබිලියෙන් ගෙන රුපියලක් ...........
අගයක් නොදත් මාගේ
අත මිට මෙලවු
මම මගේ අම්මාට තරම්
මගේ අම්මා ආදරය කල
ඡායා රූපයක් නැති මරන දැන්වීමේ
"පන්සල කුට්ටියේ විසූ සිරිවර්ධන හින්නි හාමිනේ"
උපාසිකා මාතාව  යැයි ලියූ
හිනයක් වගේ මතක
ආදරනීය ආත්තම්මා...................

පාලුව



කියමින් නේක කථා
හිනැහෙමින් ,බනිමින්, ඔරවමින්
හිදිනා විට පොත් මේසය ලග
උදුරමින්  පොත්,පෑන්
කොදුරමින් නේක සිංදු කෑලි
රස කෑම හදමින් සිට
අකුරු කරනට පුංචි රැසකට........
දුශ්කර ගුරු පත්වීමක්  රැගෙන
ගියා දුරකට ඈතකට
හැමදාමත්  ලග සිටි
 
එකම මිතුරිය
මගේ සොදුරිය
           
ආදරනීය චූටී...............






Saturday, November 7, 2015

යුග පෙරලිය

එදා
ගොවියා.......කුබුර
ගුරුතුමා ......පාසල
වෛද්‍යවරයා ..........රොහල
අද
ගොවියා.......බැංකු ණය,උගස,වස
ගුරුතුමා.....ටියුෂන් කඩේ
වෛද්‍යවරයා ..........චැනල් කඩේ
මහජනයා  ?????????

Sunday, November 1, 2015

ඉමාෂාගේ රුපියල් පනහ.




නුබලාගේ දෙමවුපියන් රවටලා
දියවන්නා පනින හොරු
තප්පරයට නාස්තිකරනවා
ඔයිටවඩා ලොකු මුදලක්.............
උන්ට උදවුකරන ඩීල් කාරයෝ සුරාකනවා
අම්මාලගේ තාත්තලාගේ ජිවිත
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
තාජ්,හිල්ටන්,ඔබරොයි...තව...තව..ඒවායේ
අත පිසදම කඩදාසියක වටිනාකම
උන් විසිකරවා ඒකත්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
දියවන්නා හොරු සමග රටටම
විකුනනව කුඩු
උබලාගේ අය්යාලා අක්කාලා
වියදම් කරලා ගන්නවා පැකට්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
නිදස් අධ්‍යාපනය ගැන පිකට් කරපු
කැම්පස් අය්යලා ,අක්කලා
එලියට ඇවිත්
දොස්තරලා - බෙහෙත් සමාගම්වලින්
ඉංජිනේරුවෝ- කොන්ත්‍රාත් කරුවන්ගෙන්
ගන්කාධිකරුවන් - සමාගම් වලින්
විදුහල් පතිවරු -දෙම්ව්පියන්ගෙන්
ගන්නවා සන්තොසම් සහ තව දෙවල්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
කිරම ඔයේ පලා නෙලලා
අම්මා ලග නැති නිසා
සොයාගන්න ගිහින් ජිවිතය දුන්නා
ඉස්කොලේ ඔනකමට
කාටවත් නොවටින 
නුබට මහ මෙරක් වුන
ඒ පුංචි රුපියල් පනහ...........



Saturday, October 31, 2015

තෙලිදියවිල සුන්දර මතකය -1

මීට අවුරුදු 21 එහා ගියපු මගේ පාසල් මතකයන් මම අද ලියන්න පටන් ගත්තා අපේ පාසල මාර/තෙලිජජවිල මධ්‍ය විද්‍යාලය.කන්නන්ගර මැතිතුමා හදපු පාසල් වලින් එකක් අපේ පාසලත්,අකුරැස්සෙන්,වැලිගමින්,මාතරින් පහේ ශිෂ්‍යත්වය හා ඇතුලත්වීමේ විභාගය සමත් වුන දක්ෂ ළමයින්ගේ සරසවිය.1987 -1994 මගේ කාලය.ජිව විද්‍යා,ගනිත අංශය අපි එකටම හිටපු යාලුවො හදපු  පත්තරක් මම මෙ පල කරන්නේ පොටොකොපි මැශිමක් පෙනත්ක්මානයක නැති SMS,ජංගම දුරකතන් නැති කාලේ අපේ පත්තර හොදද බලන්න.