සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Sunday, March 29, 2015

මරන්න පෙර ලියුව කවිය...............

හැත්තෑ එකෙත්,
අසු නමයේත්,
මහපාරේ හිටිය,
තාමත් හිටින
සැප ගන්නට දන නොනමන
වන්දිභට්ටි කම් නොකරන
අනුහතරෙත්, අප සමග සිටි
දෙදහස් පහලොවෙත් අප දුටු
වීදියේ වියරුව සුරකින
පොඩි මිනිහාගේ මිනිසා
බන්ඩාර ජයතිලක...........
උන් මැරුවට පස්සේ වීරයෙක්
කරලා වැඩක් නැති නිසා
අපි ලියනවා.........












භූ ගත කල කවි සිත......

B.M.I.C.H මිනිස් වනන්තරේ
ලාභයට පාඩුවට විකිනෙන
පත් ඉරු අතරේ...........
සෙව්වෙමි මනුෂත්වය
සමග නුඹව සෘද්යානෙනි
නැත සෙවුමටවත්
සොයාගත් කෙනෙක්වත්
සොයන අයෙක්වත් මා හැර
න්මුත් මා සෙව්වෙමිය
ආදරනීය චන්දරේ................
නිශ්මි,වෙනුර,රංජිදම්
ගැන කියන්නට නැත පොතක්
තිබුනි පොත් සමහරක්
සම+ හරක් බලන කියවන
වීරයින් වූ පාදඩයින්,පාවා දෙන්නන්
නිදහස් අධ්‍යාපනයට දිවි දුන්
සොයුරනි..............අමතකව ඇත ඔවුන්ට
නුබේ ශක්තියෙන් ආ මග
මිනිසුන්ට ආදරය කරන ආකාරය.........





Sunday, November 23, 2014

කම්බ හොරා පැන්නීම


වනන්තරේ හොර හවුලේ
කම්බ හොරයි උගේ රොත්තයි
කනවා ඔක්කොම වස්තුව
නොදී අනෙක් හොර හැත්තට
නොමග ගියපු ගම් වැසියන්
හරිමග ගිය පුරවැසියන්
එකතු වෙලා කතිකා කොට
පත් කෙරුවා තරගයකට 
කම්බ හොරා පන්නන්නට
හොර මුලේම හොරෙන් කාපු
සද්ගුනවත් තවත්
හොරක්....................

කරඩුව වැඩම වීම.


83 කලු ජූලියේ
ගමේ දෙමළු හොයා මරපු
රෑට  රෑට මිනිස්සු නැති
ගෑනුන්ගේ තනිය රැකපු
දවල් ජාමේ ගමේ අයට
හොර අරක්කු පෙරා දුන්නු
චන්දෙට වැඩ කරල ගොහින්
මැම්බර්කම උදුර ගත්තු
සද්ගුනවත් සම විනිසුරු
දැක්කම පුටුවෙන් නැගිටපු
නම්බුකාර ලොක්කේ අය්යා
කරඩුව හිස මත තබාපු
සාධු සාධු අපිත් කියමු
අනේ ඉතිං අපට සාධූ


Sunday, November 16, 2014

පිය සිතුවිල්ල

කොහේදෝ දුර ඈත රටකට

පියබලා ගොස් තටු සලා

මමයි අම්මයි මග බලන් ඇත

ඉදිරි දොරවෙත නෙත් යොමා.....................

පින්න මල් පිපි නියර මැද්දේ

ගමේ සිප් හල වෙත එදා

නුබ වඩාගෙන මෙමා ගිය හැටි

අද වගෙ මතකයි සදා............................

පහේ ශිෂ්‍යත්වය සමත් වී

නගරේ විදු පියසක් කරා

අම්මා සහ නුබ සමග ගිය හැටි

තවම සිහිවෙනවා මෙදා.................................................

පෙලින් පෙල ඉහලට ගොහින් නුබ

කැලැන්ඩර දින පසු කලා

නුබේ සුවද  රැදි පොත් රාක්කය

සමග අප මෙහි තනිවුනා................................................

ඉඩ ලැබෙන එක දිනක මොහොතක්

ඇවිත් අපවෙත නෙත යොමා

බාලා පලයන් අපිත් ඉන්නවා

තවම නුබ අපේ ලොකු පුතා............

ගමේ යාම

ඉරටත් කලින් නැගිටලා

හරියට අම්මා වාගෙයි

කඩිනමින් යුහුසුළුව

දහසකුත් නීතී පනවා

තුන්වේලම සරිකරවා

6.50න් ගමට ගියාය

ආදරනීය

චූටී...............

Monday, September 15, 2014

පංතිය

සුමනපාල,සිවසේකරන් ,රකීබ්
පැක්ටෙරියේ කම්කරුවෝ
උදෙන්ම ඇවිත් කසුකුසුවක්
පඩි වැඩි වෙලා නැහැ නෙව .............
ජීවත්වෙන්න අමාරුයි
කිශ්නරාජ්,රංජන් ,ෆාරිස්
විධායක මහත්වරු
 උදෙන්ම ඇවිත් සාකච්චාවක්
වැඩිවුන සල්ලිවලින් ගන්න
අලුත් කාර් ගැන ...........................
පංතියද? ජාතියද?
සූරාකනකොට අමතක වූ
හැමදාම පෑගෙන
පංතිය ..........................

පිංකම

ලොකු කොම්පැනියේ චෙයාමන් සර්
සද්ගුණවත් සාම විනිසුරු
තවත් තනතුරු
කියන්න බෑ  හරිම දිගයි
උඩමළුවට අටපිරිකර ධානමාන
දහස් ගණනින් පමණක් නොවේ
ලක්ෂ ගණනින්.................
පැක්ටේරියේ පියදාසලා ගේ ,
සොම්වතිලගේ පඩිය
තව රුපියල් පන්සියකින් වැඩි කරලා බලන්න
පින් කරන්න .............

x

Sunday, August 3, 2014


සොදුරු වෙබ් අඩවියක.......
සිතක සිතුවිලි ලියන
මතක අමතක නොවන
මගෙ කවි ලියන්නෙමි........
.

.......මග බැලීම......


බස් එකෙන් ඇවිත්
පන්සල් වේල්ල පහු කරන්
පොල් මන්ඩිය මැදින් මතුව එන
ඒ රූපය දකිනකන්
ඇගිලි ගැන්නා පහමාර පහු වෙලා
මං අම්මා ගෙදර එනකන්..................
බාගේට හදාපු අපේ ගෙදර පුංචි කාමරේ
මේසය වටේ ලොකු අයියයි,නංගියි,මමයි
චිමිනි ලාම්පුවෙන් පාඩම් කලා
නවයට ඇහෙන කිටියාගේ සද්දෙත් එක්ක
ගෙදරට ගොඩ වෙනකන්
තාත්තා....
ගෙදර එනවයි කිව්වම
රසකෑම හදාගෙන
විනාඩි පහෙන් පහට
ඉන්න තැන් අහ අහ
ඉස්සරහ දොරෙන්
මතු වෙන්නකන් මං
බලාගෙන ඉන්නව
අම්මයි තත්තයි........