සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, May 20, 2016

සමාජවාදී දොස්+තර මහතා


















දෙමව්පියන්ගේ හොද දරුවා
පoතියේ දක්ෂම සිසුවා
කැම්පස් එකේ එලම  බුවා
පිකට් එකේ එකට ගියා
P.M.C විරෝධීයා
තනිකර සමාජවාදියා ............
ඉන්ටර්න් කාලේ කැපකරුවා
H.O කාලේ වැඩකරුවා
හවසට කඩයක් දැම්මා
පොඩ්ඩක් විතර ධනවාදී
එස්.ආර් වෙලා උඩට ගියා.......
මෙඩිකල් රෙෆ් ලා දොරන් ගියා
ෆාමසියට මුදල් ගියා
ලැබ් කරනා මුදලාලී
චෙක් අරගෙන ගෙදර ගියා .............
යහමින් දෙවල් ලැබුනා
සමාජවාදේ සුලගේ ගියා

Tuesday, April 12, 2016

දියවන්නා අවුරුදු උලලේ

පත්තරවල අන්තර්ජාලයේ තිබුන
දියවන්නා අවුරුදු උලලේ ........දැක්කාම
ලියන්න හිතට ආපූ දේවල් ලිව්වනම්
බලන අය කියාවි
අසැබි කවි කියවලා
පොඩිළමයි නරක් වෙනවා  කියලා 
එතකොට මමත් හන්දියේ 
කසිප්පු බීලා කෑ ගහන
කරුනෙ අයියා වගේ වෙනවා
ඒ නිසා මම කවිය 
මෙතනින් නවත්තන්නම්
......................................
....................................
.....................................
.........................................
............................................
මේ හිස්තැන් පුරව ගන්න 

Saturday, April 9, 2016

අවුරුදු උදා වුනා....................

ජවාරම් කරුවන් මාධ්‍ය සමග
කොහා බදු ගන්නා
බෝනස්,පඩි ලැබෙනා
එවා උදුරා ගන්නට සේල් කරුවන් බලා ඉන්නා
ගැමි හුරුව,අපේකම
ළිද චාරිත්‍ර  වාරිත්‍ර
ජන ක්‍රිඩා අදී නේක කතා
බතික් සරම් ඇදි
හොරෙන් පන්සිල් කඩන
ආචාර්ය වරු මහාචාර්ය වරු
විද්වතුන් යැයි කියා ගන්නා
නිවෙදකයා මගින් මුරුංගා ගහට නගින
කැමරාව ඉදිරියේ පොර ටොක් දෙන
පච කියන අප අහනා
චැනල් වලට ගම මතක් වෙන
එහෙම ගමක් ලංකාවෙත් නැති
අවුරුදු උදා වුනා....................







Thursday, February 4, 2016


මම දෙමළ. මම දෙමළ වුනේ මනුස්සයෙක් වුනාට පස්සෙ. ඒක නිසා මට ජාතියට වඩා මනුස්සකම උතුම්' යන්න පර්ල් දේවභාෂිතයක් සේ ඇදහූ සිද්ධාන්තයක් විය. ඇය ඒ බව සැමවිටම සැවොම සමග ප්‍රකාශ කළාය.
පර්ල් අශෝකමාලා තේවනායගම් 
නිදහස් මතධාරී ජේෂ්ඨ මාධ්‍යවේදිනියකි

විසිට් එක

ගමෙම චන්ඩියා 
කසිප්පු සුදාගේ පුතා
සමුපෙ කඩලා පොලොසියට අහුවෙලා...........
හරක් හොරකම් කරපු පියදාසයයි....
මිනිහා මැරිච්ච සොමා අක්කයි....
පන්සලේ කැටෙ කඩාපු පුංචයි......
හොරපොල් කඩන පොල් රන්ජයි.....
මැම්බර් තිලකයයි.......
පගා ගහලා අහුවුන ලොකු ඉස්කොලේ මහත්තයයි
කෑම බීම අරගෙන 
කාඩ් බොඩ් ගහල ටින්කරින් කරන සුමනයගේ වෑන් එකෙන්
ගියා නෙව හිර ගෙදරට.............
රා විකුනන සුමන අක්කා වෙල මැද්දෙන් ගියා
දුකින්ම කියාගන ගියා ගමටම ඇසෙන්නට


Wednesday, January 27, 2016

බුදු හාමුදුරුවනේ එනපොට හොද නෑ.....







මල්ලව සල්වනයෙන් අධිකරනයට ආපු සුභද්‍ර
අභද්‍ර වචන කියනවා.....
නාලාගිරි පරපුරේ පැටව් හොරකම් කරපු දේවදත්ත
පාර්ශවයේ අයත් ඒකට උදව් කරනවා...........

පූගති තිස්ස හිමියන්ට සාත්තුකරන්න ඒපා කියපු
සාත්තු සෙවකයන් නොමග යවපු මක්කලී ගෝසාල
අජාසත්තට එකතුවෙලා මොර දෙනවා..........

සැරියුත් මුගලන් හාමුදුරු වරු
වගේ වගක් නැතුව
භාවනා කරනව...............
අනේ අපි
පව් ගෙවනවා........

Wednesday, January 20, 2016

මම ඒ ගැන කිසිවක් නොකීමී.

එදා ජර්මනියේ නාසීවාදීන්
පලමුව ඝාතනනය කරනු ලැබුවේ කොමිනිස්ට් වරුන්ය
මම ඒ ගැන කිසිවක් නොකීමී.
මා කොමිනිස්ට් වාදීයෙක් නොවූ නිසාය.
ඉන්පසු ඔවුන්ගේ ඉලක්කය වූයේ යුදෙව්වන්ය
මා වචනයක් වත් නොකිවෙ
මා යුදෙව්වෙකු නොවන නිසාය
ඊ ලගට ඔවුන් වෘත්තිය සමිති ක්‍රියා කාරීන් මරා දැමූහ
මම නිකම් බලා  සිටියෙමු
මන්ද මා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් නොවූ බැවිනි
ඔවුන් යලි කතොලිකයන් ඝාතනය කලහ
මා කුමක් කියන්නද?
ඇයි මා ප්‍රොතෙස්ත්‍රන්ත ආගමේ නෙව
අන්තිමෙදී ඔවුන් පැමිනියේ මා වෙතය
සැබවින්ම මා වෙනුවෙන් යුක්තිය කතා කිරීමට
කිසිවෙක් ඉතිරී වී නොසිටියේය.

---------මාර්ටින් නිමොලර් ----------- ජර්මනිය----------



Monday, January 4, 2016

චන්දරේ අය්යේ තාම මල් පිපෙනවා................

චන්දරේ අය්යේ,
මෙ මඩ වගුරෙ
ගිලෙන නෙලුම් මල්
පුබුදු වෙන්නට
භූ ගත කවි සිත
එලිය කල  නුබ නිසා
ඇස් දෙකෙන්ම උනාපු
මගේ කදුළු බිදුවට
බලාපොරොත්තුව
ගෙන්නට ඉපදුන
නුබ වගේ සොහොයුරෙක්
අහිංසක සුන්දර මිනිසෙක්
තව ගොර්කි කෙනෙක්
පිපිලා ..........
සුවද දෙනවා
සදා ජය වෙවා.............!
ඔව් අපි  රැක ගනිමු
ආදරනීය ටිම් රාන්..................
....






Wednesday, December 23, 2015

පොප් ආතල් එක



අනේ එන්රික් ඉග්ලේසියස්
නුඹ වෙනු වෙන් දහසින් බැදි පියලි
වියදම් කරපු අධම නරි රැල දුටුවාම
මට නරි ගැන හිතුනා දුක................
88 වෙනි උපන් දිනය දා
සංගීත පාසලක් සදන්නට
වෙර දරන අමරදේවට
මොනවා හිතෙනව ඇත්ද
මෙවා දුටුවාම.............................