සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....
Sunday, November 8, 2015
Saturday, November 7, 2015
යුග පෙරලිය
එදා
ගොවියා.......කුබුර
ගුරුතුමා ......පාසල
වෛද්‍යවරයා ..........රොහල
අද
ගොවියා.......බැංකු ණය,උගස,වස
ගුරුතුමා.....ටියුෂන් කඩේ
වෛද්‍යවරයා ..........චැනල් කඩේ
මහජනයා ?????????
ගොවියා.......කුබුර
ගුරුතුමා ......පාසල
වෛද්‍යවරයා ..........රොහල
අද
ගොවියා.......බැංකු ණය,උගස,වස
ගුරුතුමා.....ටියුෂන් කඩේ
වෛද්‍යවරයා ..........චැනල් කඩේ
මහජනයා ?????????
Sunday, November 1, 2015
ඉමාෂාගේ රුපියල් පනහ.
නුබලාගේ දෙමවුපියන් රවටලා
දියවන්නා පනින හොරු
තප්පරයට නාස්තිකරනවා
ඔයිටවඩා ලොකු මුදලක්.............
උන්ට උදවුකරන ඩීල් කාරයෝ සුරාකනවා
අම්මාලගේ තාත්තලාගේ ජිවිත
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
තාජ්,හිල්ටන්,ඔබරොයි...තව...තව..ඒවායේ
අත පිසදම කඩදාසියක වටිනාකම
උන් විසිකරවා ඒකත්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
දියවන්නා හොරු සමග රටටම
විකුනනව කුඩු
උබලාගේ අය්යාලා අක්කාලා
වියදම් කරලා ගන්නවා පැකට්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
නිදස් අධ්‍යාපනය ගැන පිකට් කරපු
කැම්පස් අය්යලා ,අක්කලා
එලියට ඇවිත්
දොස්තරලා - බෙහෙත් සමාගම්වලින්
ඉංජිනේරුවෝ- කොන්ත්‍රාත් කරුවන්ගෙන්
ගන්කාධිකරුවන් - සමාගම් වලින්
විදුහල් පතිවරු -දෙම්ව්පියන්ගෙන්
ගන්නවා සන්තොසම් සහ තව දෙවල්
ඒකත් ඔයිටවඩා ලොකු මුදලක්.......
කිරම ඔයේ පලා නෙලලා
අම්මා ලග නැති නිසා
සොයාගන්න ගිහින් ජිවිතය දුන්නා
ඉස්කොලේ ඔනකමට
කාටවත් නොවටින
නුබට මහ මෙරක් වුන
ඒ පුංචි රුපියල් පනහ...........
Saturday, October 31, 2015
තෙලිදියවිල සුන්දර මතකය -1
මීට අවුරුදු 21 එහා ගියපු මගේ පාසල් මතකයන් මම අද ලියන්න පටන් ගත්තා අපේ පාසල මාර/තෙලිජජවිල මධ්‍ය විද්‍යාලය.කන්නන්ගර මැතිතුමා හදපු පාසල් වලින් එකක් අපේ පාසලත්,අකුරැස්සෙන්,වැලිගමින්,මාතරින් පහේ ශිෂ්‍යත්වය හා ඇතුලත්වීමේ විභාගය සමත් වුන දක්ෂ ළමයින්ගේ සරසවිය.1987 -1994 මගේ කාලය.ජිව විද්‍යා,ගනිත අංශය අපි එකටම හිටපු යාලුවො හදපු පත්තරක් මම මෙ පල කරන්නේ පොටොකොපි මැශිමක් පෙනත්ක්මානයක නැති SMS,ජංගම දුරකතන් නැති කාලේ අපේ පත්තර හොදද බලන්න.
න
න
Sunday, March 29, 2015
මරන්න පෙර ලියුව කවිය...............
හැත්තෑ එකෙත්,
අසු නමයේත්,
මහපාරේ හිටිය,
තාමත් හිටින
සැප ගන්නට දන නොනමන
වන්දිභට්ටි කම් නොකරන
අනුහතරෙත්, අප සමග සිටි
දෙදහස් පහලොවෙත් අප දුටු
වීදියේ වියරුව සුරකින
පොඩි මිනිහාගේ මිනිසා
බන්ඩාර ජයතිලක...........
උන් මැරුවට පස්සේ වීරයෙක්
කරලා වැඩක් නැති නිසා
අපි ලියනවා.........
අසු නමයේත්,
මහපාරේ හිටිය,
තාමත් හිටින
සැප ගන්නට දන නොනමන
වන්දිභට්ටි කම් නොකරන
අනුහතරෙත්, අප සමග සිටි
දෙදහස් පහලොවෙත් අප දුටු
වීදියේ වියරුව සුරකින
පොඩි මිනිහාගේ මිනිසා
බන්ඩාර ජයතිලක...........
උන් මැරුවට පස්සේ වීරයෙක්
කරලා වැඩක් නැති නිසා
අපි ලියනවා.........
භූ ගත කල කවි සිත......
B.M.I.C.H මිනිස් වනන්තරේ
ලාභයට පාඩුවට විකිනෙන
පත් ඉරු අතරේ...........
සෙව්වෙමි මනුෂත්වය
සමග නුඹව සෘද්යානෙනි
නැත සෙවුමටවත්
සොයාගත් කෙනෙක්වත්
සොයන අයෙක්වත් මා හැර
න්මුත් මා සෙව්වෙමිය
ආදරනීය චන්දරේ................
නිශ්මි,වෙනුර,රංජිදම්
ගැන කියන්නට නැත පොතක්
තිබුනි පොත් සමහරක්
සම+ හරක් බලන කියවන
වීරයින් වූ පාදඩයින්,පාවා දෙන්නන්
නිදහස් අධ්‍යාපනයට දිවි දුන්
සොයුරනි..............අමතකව ඇත ඔවුන්ට
නුබේ ශක්තියෙන් ආ මග
මිනිසුන්ට ආදරය කරන ආකාරය.........
ලාභයට පාඩුවට විකිනෙන
පත් ඉරු අතරේ...........
සෙව්වෙමි මනුෂත්වය
සමග නුඹව සෘද්යානෙනි
නැත සෙවුමටවත්
සොයාගත් කෙනෙක්වත්
සොයන අයෙක්වත් මා හැර
න්මුත් මා සෙව්වෙමිය
ආදරනීය චන්දරේ................
නිශ්මි,වෙනුර,රංජිදම්
ගැන කියන්නට නැත පොතක්
තිබුනි පොත් සමහරක්
සම+ හරක් බලන කියවන
වීරයින් වූ පාදඩයින්,පාවා දෙන්නන්
නිදහස් අධ්‍යාපනයට දිවි දුන්
සොයුරනි..............අමතකව ඇත ඔවුන්ට
නුබේ ශක්තියෙන් ආ මග
මිනිසුන්ට ආදරය කරන ආකාරය.........
Sunday, November 23, 2014
කම්බ හොරා පැන්නීම
වනන්තරේ හොර හවුලේ
කම්බ හොරයි උගේ රොත්තයි
කනවා ඔක්කොම වස්තුව
නොදී අනෙක් හොර හැත්තට
නොමග ගියපු ගම් වැසියන්
හරිමග ගිය පුරවැසියන්
එකතු වෙලා කතිකා කොට
පත් කෙරුවා තරගයකට
කම්බ හොරා පන්නන්නට
හොර මුලේම හොරෙන් කාපු
සද්ගුනවත් තවත්
හොරක්....................
කරඩුව වැඩම වීම.
83 කලු ජූලියේ
ගමේ දෙමළු හොයා මරපු
රෑට රෑට මිනිස්සු නැති
ගෑනුන්ගේ තනිය රැකපු
දවල් ජාමේ ගමේ අයට
හොර අරක්කු පෙරා දුන්නු
චන්දෙට වැඩ කරල ගොහින්
මැම්බර්කම උදුර ගත්තු
සද්ගුනවත් සම විනිසුරු
දැක්කම පුටුවෙන් නැගිටපු
නම්බුකාර ලොක්කේ අය්යා
කරඩුව හිස මත තබාපු
සාධු සාධු අපිත් කියමු
අනේ ඉතිං අපට සාධූ
83 කලු ජූලියේ
Sunday, November 16, 2014
පිය සිතුවිල්ල
කොහේදෝ දුර ඈත රටකට
පියබලා ගොස් තටු සලා
මමයි අම්මයි මග බලන් ඇත
ඉදිරි දොරවෙත නෙත් යොමා.....................
පින්න මල් පිපි නියර මැද්දේ
ගමේ සිප් හල වෙත එදා
නුබ වඩාගෙන මෙමා ගිය හැටි
අද වගෙ මතකයි සදා............................
පහේ ශිෂ්‍යත්වය සමත් වී
නගරේ විදු පියසක් කරා
අම්මා සහ නුබ සමග ගිය හැටි
තවම සිහිවෙනවා මෙදා.................................................
පෙලින් පෙල ඉහලට ගොහින් නුබ
කැලැන්ඩර දින පසු කලා
නුබේ සුවද රැදි පොත් රාක්කය
සමග අප මෙහි තනිවුනා................................................
ඉඩ ලැබෙන එක දිනක මොහොතක්
ඇවිත් අපවෙත නෙත යොමා
බාලා පලයන් අපිත් ඉන්නවා
තවම නුබ අපේ ලොකු පුතා............
ගමේ යාම
ඉරටත් කලින් නැගිටලා
හරියට අම්මා වාගෙයි
කඩිනමින් යුහුසුළුව
දහසකුත් නීතී පනවා
තුන්වේලම සරිකරවා
6.50න් ගමට ගියාය
ආදරනීය
චූටී...............
Subscribe to:
Posts (Atom)





































