සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Monday, November 14, 2016

ඉල්



පුතේ වාරූ තිබෙනව තව සිත        ගාව

නුබේ රුව මැවී පෙනෙනව       හැමදාම

නුබේ මතකයන් අරගෙන හැම වසරේම     

ඉල් සැමරුමට මම යනවා පෙර    සේම

තප්පර පැය වෙලා කාලය ගෙවිලා    ගියා

නුබෙ මතකයන් මට පමනක් ඉතුරු  වුනා

සැගවුන මතකයන් එක්වී රොද    බැදෙනා

මෙ වැහි ඉල් මහේ නෙතු කදුලින් තෙමුනා


ඈත ගම් නියම් අහුකොන        නිරන්තරේ

නුබ වැනි තවත් මල් පිපෙනව  නිරන්තරේ.

එක් කොට සුවද වත් කෙරුමට  මිනිස්පුරේ

නුබ වැනි එවුන් දහසක් ඉල් මස     සැමරේ 

Sunday, October 30, 2016

උන්ගේ පැතුම



උතුරේ යුද්ධය ඉවරයි 
ඒත් අම්මා තාත්තා නැති දරුවො 
උනුත්  ඉගෙන ගන්න ඕන 
පාසලට යන්න ගමන්  වියදම  
රුපියල් පහයි
ඒකත් නැති දරුවො ඉන්නවා 
උන් පයින් යනවා
කකුල් රිදෙනවා 
අව්ව ,වැස්ස 
හිත රිදෙනවා .................
මිය ගිය අම්මා අප්පා මතක් වෙනවා
අයිත් ආයුධ ගන්න හිතෙවී
කිලිනොච්චියට හෙලිකොප්ටරයේන් 
උන්ගෙම ජාතියේ මිනිහා
නියොජ්‍ය අධ්‍යපන ඇමති එනවා
හරිම පුදුමයි
අර අහිංසකයින්ගේ සුබ සාධනයට 
සල්ලි නැතිලු 
උබලාගේ ඉවසීම ඉවරවුනාම 
හිත් නරක් වුනොත් උබලගේ 
අරූ ඒවී දෙමල වේට්ටිය කරට අරන්
උබලා ෆොම් කරන්න
ගහ ගන්නෙ උන් නෙමෙයි
මොනරාගල ,අනුරාධපුරයේ ,ඇබිලිපිටියේ 
කනිටු විදුහල් වලින් 
ඕ ලෙවල් ෆෙල් වෙච්ච 
ෆොම් කරපු රනවිරුවො එක්කයි.
උන්ගේ පැවැත්ම හා පැතුමයි එය............

Saturday, October 22, 2016

පන්සලේ බල්ලා

   

වෙසක් පෝය දවසේ මම පන්සලට ගියා මොකටවත් නෙමෙයි රැ හයි කරපු වෙසක් කූඩු වලට බල්බ් හයි කරන්න .හතර පොයටම සිල් ගන්න සිල් ඇත්තො වගේම වෙසක් පොය විශේෂ නිසා සිල් ගන්න ඇත්තොත් ඇවිත් හිටියා .දවල් උපාසක දානේ පටන් ගත්තා ඒ එක්කම පටන් ගත්තා බුද්ධ පූජාව මට පැව්රිලා තිබුනේ පෘඩ් සැලඩ් එකතු කරන්න පෘඩ් සැලඩ් ගමේ ගෙවල් වලින් ගෙනත් දෙනවා එක උපාසක අම්මා කෙනෙක් එයාගේ පෘඩ් සැලඩ් එක භාජනයට දැම්මෙ පහු වෙලා කවුරුත් දමනකම් හිටගෙන හිටියා  මොකද බුද්ධ පුජාවට එයාගේ සැලඩ් අහු නොවෙයි කියාලා තිබුන බිය මුසු සර්ධාව නිසා ,

කොහොම හරි ධානේ කටයුතු වලට උදව් වෙන්න කලු මල්ලි කෙනෙක් ඇවිත් හිටියා මල්ලිගේ හම කලු වුනාට එයා දැකුම් කලු පෙනුමක් තියෙන කෙනෙක් හැබැයි හිත හරිම සුදු කෙනෙක් .එයා දැක්කා මහ සෙනග අස්සෙ ඉන්න පන්සලට ගමෙ සද්ධාවන්ත පින්වතුන් ප්‍රධානය කරපු පුoචි බලු පැටියෙක් ලස්සනත්  නැහැ හුරුබුහුටිත් නැහැ හමේ චර්ම රොගයක් හැදිලා කසනවා මල්ලි පොඩි ගොනියක් අරගෙන බල්ලා ඔතා ගත්තා යලුවෙක් එක්ක බල්ලා අරගෙන මොටර් සයිකලේ නැගලා ගියා .ටික වෙලාවකින් තුන් දෙනාම ආපහු ආවා (කලු මල්ලියි,බල්ලයි,යාලුවයි) 

        මම පොසොන් පොයටත් පන්සල් ගියා ලස්සන මවිල් පිරුනු පුoචි බලු පැටියා මම ලගට දුව ගෙන ආවා  පොඩි හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා .කලු මල්ලි වෙසක් පොය දවසෙ බලු පැටියා වෙද ගෙදර ගෙනෙහින් ,දොස්තර මහත්තයා දීපු බෙහෙත වැඩ කරලා බලු පැටියා සනීප වෙලා.

Sunday, October 9, 2016

අපේ හාදයෝ තව මාතර ඇත............

කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියවීලා.............
බීච් මාවතේ සුදු වැලි අතරේ 
අපගේ ඉපැරනි පියසටහන් ඇත

සුදර්ශියේ කෙටි තාප්ප අතරේ
අපේ කථාවෙ කෙටි පටුනක් ඇත
කුලගෙය බැලුවා සත්‍යා දුටුවා
නිව් සිනමා බිම දෙඩූ කතා බහ
එනමුදු එදවස් සගවනු නොහැකිය
අපේ හාදයෝ තව මාතර ඇත............
කුනු ඇලපාරේ ගුරුකුල අයිනේ.......


Sunday, September 25, 2016

BMICH ආතල්






ප්‍රකාශකයින් සවලෙන් මැන මැන
හිනැහෙන .........
කතුවරුන් ඇගිලි තුඩින් ගැන ගැන
සුසුම්ලන ...............
ජනයා පොකට් දෙස බලන
සුද්දො පොත් බලන්නට නොඑන
ඒ වුනාට ජාත්‍යන්තර .....
ක්ෂනික නුල්ඩස්, බීම විකිනෙන
2016 පැවති BMICH ආතල් එක
අද නිමාවන වගයි.

Saturday, September 17, 2016

ගුරු සින්දුව




නාවුල අධ්‍යාපන කලාපේ
පාසල්නොයන ළමයි ගොඩයි......
පොත් පෑන් ඇදුම් ගන්න සල්ලි නෑ
BMICH ආපු
මානව හිතවාදියෝගුරු ගීතය හොයනවා
කියවලා හොටු පෙරගෙන අඩන්න
අනේ අපොයි !

Sunday, August 21, 2016

ආදර්ශය

ඉරටත් කලියෙන් පාසලට ගිය

පේලී සැදි සුදු කොකුන් අතරේ

කන කොකෙක් නොව සුදුම සුදු වී

මල් පුදා පන්සිල් රැකිය ඒ .................

සදාදර හොද දරුවා සැමගේ

සමත්වී ලොකු තරග විභාග

ලැබ සම්මාන කිතු ගොස

ඩිරෙක්ටර්,ලේඛම්,අධිපති ,කුල පති

කොමසාරිස් අදී තව එකී නොකී රැස්වලලු.............

අසුරු කරමින් එජන්තයින් ,උප්පරවැට්ටිකරුවන්

දේශාපාලුවන් ,කැනහිලුන්,හොර උපාසකයින් 

ගහන්වා විස්කි ,බ්‍රැන්ඩි,වොඩ්කා  සමග බබකියු

කඩමින් පන්සිල් පද .....................

රිoගනවා නෙක තරු ගුබ්බැයම්වල

කියනවා ටොම් පච

සති අන්තයේ ගමට පැමින

උපහාර උලෙලට ............

දෙනවා පොර ටෝක් රිoගා 

රූප නාලිකා වල ඇට්ටි හැලෙන්න 

යනවා අධ්‍යයන චාරිකා මහජන මුදලින්

බහිනවා එනගමන් තයිලන්ත්යේ

යනවා පතායෝ කැඩුමට

තෙවන සිල්පදය

හොරෙන් චෙක් කරනවා එච්.අයි.වී

වී.ඩී.ආර්.එල්

මවුන්ට් එලිසබෙත්

සිoග්ගප්පූරුවෙදී...............

ගමෙ අම්මලා දරුවන්ට පෙන්වනවා

අන්න ආදර්ශයට ගනිල්ල

චරිත....................

තමලිනී අක්කා



බිදුනු තල් ගස යට
නොදැමුනුන නුබේ සිත
නිවුන විට රුදුරු ගිනි
වැටහුනා නෙවද කරුම
උරුම කරවුවන් හා උරුමය...........

හැදින මනුසත්කම්
නුබේ ගත යටි සිත
අවදිකර ලියූ පෙම් පත
කොතරම් සුන්දරද
තියුනු අසිපතක සෙවන යට ..............


Saturday, July 30, 2016

මනුස්සකමලු

නගරේ සීතල කාමරේ සිට
කැරකෙනා පටුවෙ සැපක්ගෙන
නේක  රටවල ප්‍රොජෙක්ට් අරගෙන
ගමෙ සම්පත් මිල මුදල් කොට
සාක්කුව පුරවා තුටින් සිට
ගමට දුප්පත්කම උරුම කොට................
ගමේ දරුවන් පාරටම කොට
මගේ දරුවන් රජ පැටවු කොට
ව්ශ්‍රාම ලැබ උපදේශ ලෙස
ප්‍රජා සේවා බෝඩ් ගහගෙන
යානවාහන පිරිවරාගෙන .............................
ගමට යනවා කදුලු පෙරමින්
සිoහ වෙස් ගත් කපටි නරි රැල
හරිම අනුකම්පාවෙන්
ඒකටත් කියන්නෙ
"මනුස්සකමලු"

Tuesday, June 28, 2016

කාලා කරුවා




ප්‍රශක්තී නොකියවන 
වන්දිභට්ටිකම් නොකරන 
දිලිදුකම පීඩනය
ගසා සූරා කෑම
වoචාව දූෂණය
මිනිසුන්ට ලියාදෙන
කියාදෙන මිනිසා 
දුප්පතෙකි සැමදාම ...................
රජුන් හට ගී ගයන 
මැතියන්ට කවි ලියන
රෙදි නැතිව කඩේ යන
බුදුන්ටත් රජු අන්දන
රජා සක්විති කරන 
ජාන මෙහෙයුම් කරන
සැනකෙලියේ රස බලන
ජාතියට වින කරන .............................
වැඩියෙන්ම ණය ගිලින
පුoචි තිරයේ ඉදන්
අමුලික පච කෙලින
ඉතිහාසයේ හොරා කන 
කම්බ හොර තට්ටයින්
කාල කරුවන් නෙවද ? .................